ලංකාවට පමණක් ආවේණික ඒක දේශී ශාකයක් වන බිනර මල් ශාකයේ මල් හා එහි අතු සන්තකයේ තබාගෙන සිටි ඊශ්රායල් ජාතික කාන්තාවක් ගම්පොළ වන ජීවී කාර්යාල නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
තිස් හය හැවිදි මෙම කාන්තාව මහනුවර හන්තාන කඳු ආශ්රිතව තිබූ මෙම මල් හා ශාක කොටස් එක්රැස් කරගෙන තිබුණි.
ශ්රී ලංකාවේ සංචාරයක් සඳහා තවත් ඊශ්රායලයන් ජාතිකයන් 26 දෙනෙකු සමග පැමිණි ඇය මහනුවර හෝටලයක නවාතැන් ගෙන ඊයේ (11 ) දින දී ඔවුන් හන්තාන කන්ද තරණය කිරීම සඳහා ගොස් තිබේ.
මෙම ඊශ්රායල් ජාතික කාන්තාව හන්තාන කඳු මුදුනේ දී මෙම බිනර මල් සමග අතු කඩා ගැනීම වනජීවීන් නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ගම්පොළ කාර්යාල නිලධාරීන් ගොස් ඇය අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඇය ගම්පොළ කාර්යාල වෙත ගෙන විත් තිබේ.