චීනය ලබාදුන් පාසල් නිල ඇඳුම් රෙදි ලබන ජනවාරි මුල් සතිය අවසන් වීමට පෙර පාසල් ළමුන්ට බෙදා දී අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.
සමූපකාර හරහා කොට්ඨාස අධ්‍යාපන කාර්යාල වෙත බෙදාහැරෙන පාසල් නිල ඇඳුම් රෙදි, ඉන් අනතුරුව විදුහල්පතිවරුන් වෙත ලබාදෙන බවයි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව සඳහන් කළේ.
චීනය විසින් මෙරටට නොමිලයේ ලබාදීමට පොරොන්දු වූ පාසල් නිල ඇඳුම් රෙදි ඊයේ (10) නිල වශයෙන් මෙරටට භාරදීම සිදුකළා.