පොල් මිල මේ දිනවල සීඝ්රයෙන් ඉහළ ගොස් තිබෙනවා.එවැනි පසුබිමක මහනුවර පොල් මිල රුපියල් 200 සීමාවද ඉක්මවා ගොස් ඇති බවයි වාර්තා වන්නේ
ඉදිරි දිනවල රුපියල් 220 සීමාවද ඉක්මවා යා හැකි බවයි ව්‍යාපාරිකයින් පවසන්නේ.මහනුවර ප්‍රදේශයේ පොල් මිල ඉහළ යන්නේ අවශ්‍ය පොල් ගෙඩි සංඛ්‍යාවක් මහනුවරට නොලැබෙන නිසා බවයි වාර්තා වෙන්නේ.මෙම තත්ත්වයට පිළියම් ලෙස එළැඹෙන සිකුරාදා සිට සතොස හරහා අඩු මිලට පොල් ලබාදීමටද පොල් සංවර්ධන අධිකාරිය තීරණය කර තිබෙනවා.ඒ අනුව රජයට අයත් ආයතනික පද්ධතිය හරහා රුපියල් 110 බැඟින් පොල් මිලදී ගෙන සතොස හරහා රුපියල් 130 බැඟින් පොල් අලෙවි කරන බව අමාත්‍ය වසන්තසමරසිංහ පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.
ඉහළ ගිය පොල් මිලට වුණ දේ
Leave a comment