අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ තාවකාලිකව කල් දැමුණු උසස් පෙළ විභාගය අද සිට යළි ආරම්භ වනවා. කෙසේ වෙතත්, කිසියම් සිසුවෙකු තවදුරටත් පීඩාවට පත්ව හෝ ප්‍රදේශයේ මාර්ග අපහසුතා පවතින්නේ නම් ළඟම ඇති විභාග මධ්‍යස්ථානයට ගොස් ඊට මුහුණ දීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර කොළඹ ඊයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සදහන් කළේ.එමෙන්ම, මෙවර උසස් පෙළ විභාගය පසුගිය මස 25 වනදා ආරම්භ වූ අතර පැවති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ විභාගය දින 06 ක කාල සීමාවක් සඳහා අත්හිටුවීමට පියවර ගත්තා. ඒ අනුව අද පැවැත්වෙන්නේ මීට පෙර සැළසුම් කර තිබූ කාලසටහනේ විෂයන් බවයි විභාග කොමසාරිස්වරයා සදහන් කළේ. එම දින 06 සඳහා මේ මස 21 වනදා සිට 31 වනදා දක්වා විභාග පැවැත්වෙන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.