ත්‍රී සිංහ සමූහය ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය සංවිධානය කළ CNCI Achievers’ Awards 2024 සම්මාන උළෙලේ මහා පරිමාණ අංශයේ නිෂ්පාදන ක්ෂේත්රයේ රිදී සම්මානය දිනා ගත්තේය. සමාගමේ කළමනාකාර අධ්යක්ෂ මංජුල ආරියකුමාර මහතා වෙත සම්මානය පිරිනමන ලදී.
කුඩා පරිමාණයෙන් ඇරැඹුණු ත්‍රී සිංහ සමාගම වර්තමානයේදී ඉදි කිරීම් ක්ෂේත්රයේ ප්රමුඛයෙකු ලෙස කීර්ති නාමයක් දිනා ඇත. පාරිභෝගිකයන්ට විශිෂ්ට සේවාවක් සැපයීමට කැප වී සිටින එම සමාගම දේශීයව මෙන්ම විදේශීයවද ඇගැයීමට ලක් වී තිබේ. පසුගිය CNCI Achievers’ Awards සම්මාන උළෙලවලදී රන් සහ රිදී සම්මාන රැසක් දිනා ඇති එම සමාගම ශ්‍රී ලංකා ව්‍යවසායක විශිෂ්ටතා සම්මාන උළෙලේදීද රන් සම්මාන දිනා ඇත. පුළුල් පරාසයක විහිදී ඇති නිෂ්පාදන සහ සේවා සපයන එම සමාගමේ නිෂ්පාදන අතර රෝලර් ඩෝ, ෂටර් සහ ගිනි ගැනීම්වලට ඔරොත්තු දෙන දොරවල් ප්‍රධාන තැනක් ගනී. ඇලුමිනියම් සැකැසුම්, සංවේදක දොරවල් සහ ස්වයංක්‍රීය බාධක අනෙකුත් නිෂ්පාදන අතර වේ. ඊට අමතරව, තිරසාර බල ශක්තිය ප්‍රවර්ධනය කෙරෙහිද අවධානය යොමු කර ඇති එම සමාගම ඔන්-ග්‍රිඩ්, ඕෆ්-ග්‍රිඩ් සහ හයිබ්‍රිඩ් යන වර්ග තුනට අයත් සූර්ය බල ශක්ති පද්ධතිද ස්ථාපනය කරයි. ත්‍රී සිංහ සමූහයට අනුබද්ධිත IKLO Industries නවීන තාක්ෂණය භාවිතයෙන් උසස් තත්ත්වයේ පෙර සැකසූ සහ ඉංජිනේරු වානේ ඉදිකිරීම් සිදු කරයි. ඊට අමතරව, කෘෂිකාර්මික ක්ෂේත්රයේ අභිවෘද්ධිය උදෙසාද දායක වන එම සමාගම කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය වන නව ට්‍රැක්ටර් ට්‍රේලර් පෙළක් හඳුන්වා දී ඇත. Ceypetco සහ IOC ප්‍රමිතිවලට අනුව ඩීසල් ටැංකි නිපදවන ත්‍රී සිංහ සමාගම එම සමාගම් දෙකේ ප්‍රධාන සැපයුම්කරුවෙකු වීමද සුවිශේෂ වේ.