- බදු-පසු ලාභය පෙර වසරේ වාර්තා වූ රු. මිලියන 306 සිට රු. මිලියන 512 දක්වා වර්ධනය වේ.
- ශ්‍රී ලංකාවේ මෙහෙයුම්වල ආදායම 8% කින් ඉහළ ගොස් රු, මිලියන 3,287 ක් ලෙස වාර්තා වේ.
- බංග්ලාදේශයේ අර්බුදය නිසා සමූහයේ ආදායම 7% කින් පහළට
- පසුගාමී සිරස් අනුකලනය හේතුවෙන් දළ ලාභාන්තිකය 2% කින් ඉහළ යයි.
- Binder සහ Alkyd Resin කර්මාන්තශාලාවල මෙහෙයුම් දැන් පූර්ණ වශයෙන් ක්‍රියාත්මකයි
ශ්‍රී ලංකාවේ දැව ආලේපන සහ තීන්ත බුරුසු සම්බන්ධ ප්‍රමුඛයා වන JAT Holdings PLC, 2024/25 මූල්‍ය වර්ෂයේ දෙවැනි කාර්තුවේදී සහ ප්‍රථම අර්ධයේදී අභියෝගවලට සාර්ථක ලෙස මුහුණ දෙමින් තම පාර්ශ්වකරුවන්ට අඛණ්ඩව ඉහළම වටිනාකම් තිළිණ කිරීමට සමත් වී තිබේ. ඒ අනුව, බංග්ලාදේශයේ හා මාලදිවයිනේ පැවති අභියෝග හමුවේ පවා, 2024 සැප්තැම්බර් 30 දිනයෙන් අවසන් වූ මාස 6 තුළ සමාගමේ බදු-පසු ලාභය 67% කින් ඉහළ ගොස් රු. මිලියන 512 ක් ලෙස වාර්තා වී ඇත. මේ අතර අදාළ කාලසීමාව තුළ සමූහයේ ශ්‍රී ලංකා මෙහෙයුම්වල ආදායම 8% කින් ඉහළ ගොස් රු. මිලියන 3,287 ක් ලෙස වාර්තා වී තිබේ. සැලකිය යුතු පිරිවැය කාර්යක්ෂමතාවයක් ඇති කිරීමට තුඩු දී ඇති Acrylic Binder සහ Alkyd Resin නිෂ්පාදන කර්මාන්තශාලා මගින් ඇති වූ යහපත් බලපෑම පිළිබිඹු කරමින් JAT හි දළ ලාභාන්තිකය 2% කින් වර්ධනය වී ඇත. පිරිවැය කළමනාකරණය සම්බන්ධයෙන් විචක්ෂණශීලී ප්‍රවේශයක් අනුගමනය කිරීම සහ පෙර වසරේදී අලෙවිකරණ පිරිවැය ක්‍රමෝපායික ලෙස ඉහළ නැංවීම මගින් ලැබුණු ප්‍රතිඵලයක් ලෙස විකිණුම් හා බෙදාහැරීම් වියදම් 10% කින් පහළ ගොස් තිබේ.
කෙසේ වුවද, සමූහය කෙතරම් දුරකට පිළියම් යෙදුවද, මෙම සමාලෝචනයට අදාළ කාලසීමාව තුළ පැවති සාර්ව ආර්ථික සහ සමාජ-දේශපාලනික අර්බුද හේතුවෙන් බංග්ලාදේශයේ මෙහෙයුම්වලට දැඩි බලපෑම් එල්ල වූ අතර, මෑතකදී ඇති වූ ගංවතුර හේතුවෙන් මෙම තත්ත්වය තවදුරටත් දරුණු අතට හැරිණි. කෙසේ නමුත්, මෙම තත්වයන් සඳහා සමූහය දැක්වූ උපායමාර්ගික ප්‍රතිචාර, වෙනස් වන වෙළඳපල තත්වයන්ට කඩිනමින් අනුගත වීමට එයට ඇති හැකියාව මැනැවින් පෙන්නුම් කරයි. මේ වනවිට වියදම් සම්බන්ධයෙන් බෙහෙවින් සැලකිලිමත් වන බංග්ලාදේශයේ වෙළඳපොළ වෙනුවෙන් CoatEx නමින් මිලෙන් අඩු දැව ආලේපන වර්ගයක් හඳුන්වා දීම මීට මනා සාක්ෂියකි. බංග්ලාදේශයේ නිෂ්පාදන යටිතල පහසුකම් භාවිතා කරමින් නිෂ්පාදිත CoatEx, මිලෙන් අඩු, අතිශයින් කාර්යක්ෂම නිෂ්පාදනයකි. මේ නිසා, ආනයන මත රඳා පවතින සහ දැඩි විදේශ විනිමය පාලන රෙගුලාසිවල බලපෑමට ලක් වී සිටින අනෙකුත් තරගකාරී සමාගම්වලට සාපේක්ෂව වෙළඳපොළ වාසි අත්කර ගැනීමට ACL (බංග්ලාදේශය තුළ JAT සමූහයේ පූර්ණ අයිතියට යටත් අනුබද්ධ සමාගම) සමත් වී ඇත.
2024 සැප්තැම්බර් 30 දිනයෙන් අවසන් වූ මාස 6 ක කාලය තුළ JAT සමූහයේ සමස්ත ආදායම, පෙර වසරේ අදාළ කාලසීමාව තුළ වාර්තා වූ රු. මිලියන 4,878 ට සාපේක්ෂව 7% කින් පහළ ගොස් රු. මිලියන 4,536 ක් ලෙස වාර්තා වී තිබේ. බංග්ලාදේශයේ ආදායම 33% කින් පහළ ගොස් රු. මිලියන 1,148 ක් ලෙස වාර්තා වීම මීට ප්‍රධාන වශයෙන් බලපා ඇත. මේ හේතුව නිසා බදු පෙර ලාභයද 3% ක් වැනි සුළු ප්‍රතිශතයකින් පහළ ගොස් රු. මිලියන 408 ක් ලෙස වාර්තා වී ඇති අතර, ණය හරහා ආයෝජන මූල්‍යකරණය කිරීම හේතුවෙන් මූල්‍ය පිරිවැයවල සුළු වැඩිවීමක් දක්නට ලැබේ. මේ අතර ඉන්දියාව, මාලදිවයින සහ අනෙකුත් වෙළඳපොළවල ආදායමද 9% කින් පහළ ගොස් ඇති අතර, මාලදිවයින තුළ ක්‍රියාත්මක විදේශ විනිමය සීමාවන් සම්බන්ධ ප්‍රතිපත්ති මීට ප්‍රධාන හේතුවක් වී ඇත.
ආදායම් අඩු වීම හේතුවෙන් මෙම සමාලෝචනයට අදාළ කාලසීමාව තුළ දළ ලාභයද 2% කින් පහළ ගොස් රු. මිලියන 1,393 ක් ලෙස වාර්තා වී තිබේ. මේ අතර වැටුප් වැඩි වීම් හේතුවෙන් පරිපාලන වියදම්ද 5% කින් වර්ධනය වී රු. මිලියන 458 ක් ලෙස වාර්තා වී ඇත. කෙසේ නමුත් 2024/25 මූල්‍ය වර්ෂයේ ප්‍රථම අර්ධය තුළ ස්ථාවර මෙහෙයුම් කාර්යසාධනයක් පෙන්නුම් කරමින් සිය මෙහෙයුම් ක්‍රියාකාරකම් තුළින් රු. මිලියන 521 ක අගයක් වාර්තා කිරීමට සමූහයට හැකි වී ඇති අතර, මෙය පෙර වසරට සාපේක්ෂව සුළු වර්ධනයකි.
“අභියෝගවලට ඔරොත්තු දීමේ හැකියාව සහ ක්‍රමෝපායික අවධානය ඔස්සේ, බංගලාදේශයේ අභියෝගකාරී කාලසීමාවක් සාර්ථක ලෙස පසුකිරීමට අපට හැකි වුණා. වෙළඳපොළ මේ වනවිට වඩාත් යහපත් සාර්ව ආර්ථික පරිසරයක් කරා ගමන් කරමින් සිටින බව අප සුභවාදී ලෙස විශ්වාස කරනවා. ඉදිරි මාස 6 ක කාලය තුළ අපට සැලකිය යුතු ප්‍රගතියක් දැකගැනීමට හැකි වනු ඇති බවත්, ඒ ඔස්සේ අපගේ බලාපොරොත්තු ඉටුකරගනිමින් මෙහෙයුම් කටයුතු තවදුරටත් වැඩිදියුණු කරගැනීමට හැකි වනු ඇති බවත් අපගේ විශ්වාසයයි.” JAT Holdings PLC ප්‍රධාන විධායක නිලධාරී නිශාල් ප්‍රදිනාන්දු මහතා පැවසී ය.
සමාගමේ දැව ආලේපන අංශයේ වර්ධනය ස්ථාවර ලෙස සිදුවෙමින් පවතින අතර, සමාගම විසින්ම බයින්ඩර් නිෂ්පාදනය ආරම්භ කිරීම හේතුවෙන් මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ යාමද මීට බලපා ඇත. JAT Water-Based දැව ආලේපන සඳහා අඛණ්ඩ ඉල්ලුමක් පැවති අතර, මිලගණන් තරගකාරී නොවීම හේතුවෙන් Emulsion වර්ගවල අලෙවිය සම්බන්ධයෙන් ගැටලු මතු විය. කෙසේ නමුත් සමූහය විසින් යාවත්කාලීන කරන ලද මිල ක්රමෝපායක් හරහා අහිමි වූ වෙළඳපොළ කොටස නැවත අත්පත් කරගැනීම සඳහා නිසි පියවර ගනිමින් සිටී. මේ අතර තීන්ත බුරුසු අංශය මෙම සමාලෝචනයට අදාළ කාලසීමාව පුරාම අඛණ්ඩව වර්ධනයක් පෙන්නුම් කළ අතර, දේශීය නිෂ්පාදන සහ පර්යේෂණ හා සංවර්ධන කටයුතු තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා JAT දරන නිරන්තර උත්සාහයද මෙම සාර්ථකත්වයට හේතු විය.
“පිරිවැය අතින් පිරිමැසුම්දායක, තිරසාර මෙහෙයුම් දාමයක් ගොඩනැංවීම සඳහා අප අනුගමනය කළ ක්‍රමෝපාය මගින් අපට දැනටමත් පැහැදිලි ප්‍රතිඵල ලැබෙමින් තිබෙනවා. Alkyd Resin සහ Acrylic Binder නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීම නිසා දැන් අපගේ වෙළඳපොළවලට ස්ථාවර සහ විශ්වාසනීය ලෙස නිෂ්පාදන සැපයීමට අපට පුළුවන්. මෙය පිරිවැය ස්ථාවරත්වය සහ මෙහෙයුම් ශක්තිය වැඩිදියුණු කළ පියවරක්. ඉදිරියටත් අපගේ ප්‍රජාවන්ට යහපත සලසන අතරම පාරිභෝගික අත්දැකීම වැඩිදියුණු කිරීමටත්, අපගේ වෙළඳපොළ තත්ත්වය ශක්තිමත් කරන දීර්ඝකාලීන පාරිභෝගික ළැදියාවන් ගොඩනංවා ගැනීමටත් අප කටයුතු කරනවා. ඉදිරි මාස 6 ක කාලය තුළදී මෙම ක්‍රමෝපායික ආයෝජනවල මෙන්ම මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සඳහා ගත් ක්‍රියාමාර්ගවල ප්‍රතිඵල දැකගනීමට අපට හැකි වේවි.” JAT Holdings PLC කළමනාකාර අධ්යක්ෂ ඊලියන් ගුණවර්ධන මහතා පැවසී ය.
ශ්‍රී ලංකාවේ ආනයන සීමාවන් ලිහිල් වෙමින් සහ ආර්ථිකය ස්ථාවර වෙමින් පවතින මේ මොහොතේ, සිය ක්‍රමෝපායික අරමුණුවලට සමගාමීව JAT සමූහය සුවිශේෂී නව ව්‍යාපෘති සම්බන්ධයෙන් අවධානය යොමුකරමින් සිටී. 2024 නොවැම්බර් මස කොළඹදී විවෘත කිරීමට නියමිත JAT Lifestyle Studio සහ 2024 ඔක්තෝබර් මස ඕස්ට්‍රේලියාවේ පර්ත් හිදී විවෘත කළ SEAFORM ප්‍රදර්ශනාගාරය, ගෘහස්ථ සහ ජීවන රටා විසඳුම් සම්බන්ධයෙන් සමාගම අනුගමනය කරන නව්‍ය ප්‍රවේශය අත්විඳිම සඳහා පාරිභෝගිකයන්ට සුවිශේෂී අවස්ථාවක් සලසා දෙනු ඇත. JAT විසින් ප්‍රථම වරට දැව ආලේපන තොගයක් ඕස්ට්‍රේලියාව වෙත අපනයනය කිරීමද මෙම කාර්තුවේදී සිදුකරන ලද අතර, ඉදිරියේදී එරට වෙළඳපොළෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් තමන් සතු කර ගැනීම සමාගමේ අපේක්ෂාව වී තිබේ. එමෙන්ම මේ වනවිට JAT ක්‍රියාවට නංවා ඇති NVQ පුහුණු වැඩසටහන් (දැව පින්තාරුකරණය සඳහා Level 4 සහ බිත්ති පින්තාරුකරණය සඳහා Level 3), ප්‍රජාවන් සවිබලගැන්වීම, පාරිභෝගික ළැදියාව වර්ධනය කරීම සහ දක්ෂ ශ්‍රම බලකායක් නිර්මාණය කිරීම සඳහා සමාගම දක්වන කැපවීමට මනා සාක්ෂියකි. මේ ආකාරයට සමාජයේ යහපත වෙනුවෙන් අඛණ්ඩව ආයෝජනය කිරීම සහ පාරිභෝගිකයන්ගේ සුභසිද්ධිය ඉලක්ක කරගත් වැඩසටහන් ක්‍රියාවට නැංවීම ඔස්සේ, ක්ෂේත්රය තුළ තිරසාර වර්ධනය වෙනුවෙන් කැප වුණු ප්රමුඛ පෙළේ සමාගමක් ලෙස තමන් සතු භූමිකාව තවදුරටත් තහවුරු කරගැනීමට JAT සමත් වී ඇත.