යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අර්චුනා රාමනාදන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් අධ්‍යනය කළ බවත්, ඔහුගේ ප්‍රකාශය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් කථානායක ආචාර්ය අශෝක රන්වල පවසනවා. ඒ, අස්ගිරි – මල්වතු මහානාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.කථානායකවරයා එම ධූරයට පත් වීමෙන් පසුව පළමුව අස්ගිරි මහා විහාරයේදී අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා.අනතුරුවකථානායකවරයා මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රි සුමංගල නාහිමියන් බැහැදුටුවේ මල්වතු මහා විහාරයේදීයි.මාධ්‍ය වෙත අදහස් පල කරමින් කථානායකවරයා කියා සිටියේ නව මන්ත්‍රීවරයාගේ පාර්ලිමේන්තුවේ හැසිරීම ම්බන්ධයෙන් ඔහු සමග සාකච්ඡා කරන බවත් ඔහුගේ ෆේස්බුක් ගිණුම් සියල්ල පරීක්ෂා කර ඉදිරියේදී විධිමත් පරික්ෂනයක් සිදු කරන බවයි.