ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ 80 වැනි සංවත්සරයට සමගාමීව පැවැත්වූ ළමා පාපන්දු තරගාවලියේ අවසාන මහා තරගය පසුගියදා හැව්ලොක් ටවුන් හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. එම පාපන්දු තරගයේ දී වැල්ලවත්ත කුරේ ක්‍රීඩා භූමි කණ්ඩායම පරදවා හැව්ලොක් ටවුන් හෙන්රි පේද්‍රිස් කණ්ඩායම ජයග්‍රහණය කළේය.
එහි ත්‍යාග ප්‍රදානෝත්සවයේ දී ජයග්‍රාහී කණ්ඩායමේ නායකයාට ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ මහතා අතින් ජයග්‍රාහී කුසලානය පිරිනැමූ අවස්ථාව. තරගාවලිය සංවිධානය කළ ප්‍රවීණ පාපන්දු ක්‍රීඩකයකු වූ කොළඹ හිටපු නාගරික මන්ත්‍රී ඇල්. ආර්. ස්ටීවන් මහතාද මෙහි සිටී.