මව්වරුන් හාරදහසක පමණ පිරිසකට වඳ සැත්කම් කරන ලදැයි චෝදනා එල්ල වී තිබු කුරුණෑගල ශික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ඨ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය ෂිහාබ්දීන් මොහොමඩ් ෂාෆි සියළු චෝදනාවලින් නිදහස් කිරීමට කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න අද නියම කළා. වෛද්‍යවරයාට එරෙහිව ගොණු කර තිබූ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශ්වය අසමත් වීම සැලකිල්ලට ගෙන නීතිපතිවරයාගේ උපදෙස් මත ඔහුව නිදහස් කරන බවයි මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ. මේ සම්බන්ධයෙන් සිදු කරන ලද විශේෂඥ වෛද්‍ය පරීක්ෂණ වාර්තා අනුව අදාළ කාන්තාවන් විත්තිකාර වෛද්‍යවරයාගේ සැත්කම් නිසාම වඳ භාවයට පත්ව ඇති බවට සනාථ කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි ලැබී නොමැති බවද මහේස්ත්‍රාත්වරයා තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළා.