ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, Biodiversity Sri Lanka හා එක්ව ‘Life to Our Coral Reefs’ ව්‍යාපෘතිය යටතේ අපේ දිවයින වටා ඇති වටිනා සමුද්‍ර පරිසර පද්ධති සංරක්ෂණය හා ප්‍රතිෂ්ඨාපනය කිරීම වෙනුවෙන් මුලපිරීම නිවේදනය කළා. මෙය සිදු කෙරුණේ Spa Ceylon විසින් 2024 වර්ෂය සඳහා නොවැම්බර් 01 – 03 දක්වා කොළඹ One Galle Face Mall, Festive Gallery හිදී ‘Undersea Paradise’ නමින් සිය සුවිශේෂී Festive Gift Collection එක එළිදැක්වීමට නියමිත අතර එය සමුද්‍ර පරිසර පද්ධති සංරක්ෂණය පිළිබඳ දැනුවත් කිරීම සඳහා විවිධ අත්දැකීම් ඇතුළත් වීම මුල් කරගනිමින්ද වීම විශේෂත්වයක්.
Spa Ceylon Undersea Paradise Limited Edition Festive Collection දුර්ලභ කොරල්පර, විශ්මිත ශාක මෙන්ම සත්ත්ව විශේෂවලින් පොහොසත්, සජීවී සමුද්‍ර පරිසර පද්ධතියක් සහිත අපගේ දිවයින වටා ඇති සාගරයේ ස්වභාවික සුන්දරත්වයෙන් ආභාෂය ලබා ඇත. Biodiversity Sri Lanka සඳහන් කරන පරිදි අපේ රට වටා කොරල් විශේෂ 200කට අධික ප්‍රමාණයක් සහ ගල්පර ආශ්රිත මත්ස්‍ය විශේෂ 900කට අධික ප්‍රමාණයක් සොයා ගන්නට ලැබෙනවා.
කොරල්පර යනු ලොව පුරා සාගරවලින් 1%කට වඩා අඩු ප්‍රමාණයක් ආවරණය වන විවිධ සහ සංවේදී පරිසර පද්ධතියක් වන අතර එය සාගර සත්ත්ව විශේෂවලින් 25%කට සහස්ර ගණනාවක් පුරා නිවහනක්, ආරක්ෂාව සහ ආහාර ලබාදෙන පරිසර පද්ධතියක්ද වනවා. කෙසේ වෙතත්, ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම, අධික ලෙස මසුන් ඇල්ලීම, සාගර දූෂණය සහ නියාමනය නොකළ සමුද්‍ර ගමනාගමනය වැනි අභියෝග දැනට මෙම වටිනා පරිසර පද්ධතියේ දිගුකාලීන තිරසාරභාවයට සහ පැවැත්මට තර්ජනයක් වී තිබෙනවා.
සම-නිර්මාතෘ සහ සමූහ අධ්යක්ෂ ශලින් බාලසූරිය මහතා මේ ගැන අදහස් දක්වමින් “තිරසර බව, සංරක්ෂණය සහ සුවතාවය වෙනුවෙන් කැප වුණු ජාත්‍යන්තර වශයෙන් පිළිගත් සන්නාමයක් විදියට අපේ මේ අරමුණ අපෙන් ඔබ්බට ගොස් අපව නඩත්තු කරන පරිසර පද්ධති දක්වා විහිදෙන බවට බව අපි විශ්වාස කරනවා. වසර ගණනාවක් පුරාවට Spa Ceylon අපි, අපේ රට තුළ පාරිසරික හේතු වෙනුවෙන් අඛණ්ඩව ප්රමුඛව කටයුතු කර තිබෙනවා. සාගර සංරක්ෂණය සඳහා අපේ කැපවීම, අපේ පරිසරය ආරක්ෂා කරන්නට වන හරිත හා සදාචාරාත්මක භාවිතවල දිගුවක් විදියට හඳුන්වා දෙන්නට පුළුවන්. කොරල්පර ආරක්ෂා කිරීම කියන්නේ අපි අපේ පෘථිවියේ පැවැත්ම සඳහා කරන ආයෝජනයක් වගේම, එය අපේ යහපැවත්මටත් කරන ආයෝජනයක්.” ලෙස පැවසුවා.
මේ ගැන අදහස් දැක්වූ Spa Ceylon සම-නිර්මාතෘ සහ කළමනාකාර අධ්යක්ෂ ශිවන්ත ඩයස් මහතා පැවසුවේ “මේ අවුරුද්දේ අපේ Festive Gift Collection එක සඳහා සමුද්‍ර පරිසර පද්ධති මුල් කරගැනීම තුළින්, රටවල් 30කට අධික සංඛ්‍යාවක ලොව පුරා විහිදුණු අපේ පුළුල් ගෝලීය ජාලය තුළින් සංරක්ෂණය පිළිබඳ පණිවිඩය විශාල ප්‍රේක්ෂක පිරිසක් වෙත ගෙන යන්නට අපිට හැකි වනවා. අපේ Undersea Paradise Festive Gift Collection එකෙන් ඕනෑම තෑග්ගක් මිලදී ගන්නා ඕනෑම අවස්ථාවකම, වඳවීමේ තර්ජනයට ලක්වුණු අපේ සමුද්‍ර පරිසර පද්ධති සංරක්ෂණය කරන්නට සහ අපේ දිවයිනේ වෙරළබඩ ප්රජාවන්ගේ අභිවෘද්ධිය සඳහා ඔයාලා සියලුදෙනාම දායක වන බව කියන්නට අපි කැමතියි.
Life to Our Coral Reefs (LOCR) යනු වනාන්තර, කඩොලාන, වෙරළ, ජාතික වනෝද්‍යාන සහ කොරල්පර කෙරෙහි අවධානය යොමු කරන Biodiversity Sri Lanka හි LIFE ව්‍යාපෘති මාලාවේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ එක්ව මූලික අවධානය යොමු කරන ක්ෂේත්‍ර පහෙන් එකකි. Life to Our Coral Reefs ව්‍යාපෘතිය Biodiversity Sri Lanka මූලිකව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව (DWC) එක්ව සොබාදහම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමය (IUCN) සහ Blue Resources Trust (BRT) සමඟ එක්ව ආරම්භ කර ඇත. කොරල්පර සහ අනෙකුත් අත්‍යවශ්‍ය නිල් සම්පත් සඳහා කල්පවත්නා ප්රතිලාභ ගෙන ඒම සඳහා පුද්ගලික අංශයේ කැපවීම, අනාගත පරම්පරාව සඳහා ඒවායේ ඔරොත්තු දීමේ හැකියාව සහතික කිරීම LOCR මුලපිරීම ඉස්මතු කරයි. කොරල්පර සහ අනෙකුත් අත්‍යවශ්‍ය සමුද්‍ර සම්පත් ආරක්ෂා කිරීම, අනාගත පරපුර සඳහා ඒවායේ පැවැත්ම සහතික කිරීම සඳහා පෞද්ගලික අංශයේ කැපවීම LOCR මුලපිරීම පෙන්නුම් කරයි.
Biodiversity Sri Lanka හි සභාපති දිල්හාන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, “දේශගුණික විපර්යාසයේ සිට වාසස්ථාන අහිමි වීම දක්වා වර්තමාන පාරිසරික අභියෝගවල හදවත ජෛව විවිධත්වයයි.එය ඉදිරියට ගෙන යාම සහ ආරක්ෂා කිරීම ව්‍යාපාර, රාජ්‍ය නොවන සංවිධාන, රජය සහ පෞද්ගලිකව අපි හැමෝම මත පවතිනවා. Biodiversity Sri Lanka නිර්මාණය කළේ මේ ගැටලුවලට මුහුණ දෙන්නට සහ සැබෑ, විද්‍යාත්මක විසඳුම් සෙවීම සඳහා සියලු දෙනා එක් කර ගැනීම සඳහායි. කොරල්පර ආරක්ෂා කර ගැනීමේ මේ වැදගත් ගමනේදී Spa Ceylon සමඟ අත්වැල් බැඳගැනීමට ලැබීම අපට ගෞරවයක්. මේ පරිසර පද්ධති සුන්දරත්වය පමණක් නෙවෙයි, අපේ සාගර සහ ඒවා මත යැපෙන ප්‍රජාවන්ට අත්‍යවශ්‍ය ජීවන උරුමයක්ද වනවා. තනි තනිව අපි කරන සෑම දෙයක්ම කුඩා බව පෙනුනත්, ප්‍රජාවක් ලෙස – දේශීයව සහ ගෝලීය වශයෙන් – අපට විශාල බලපෑමක් ඇති කිරීමට සහ අර්ථවත් වෙනසක් ඇති කළ හැකි බව කිව යුතුයි. මේ සහයෝගීතාවය තුළින්, අනාගත පරම්පරාවන් සඳහා අපේ සාගර උරුමය ආරක්ෂා කිරීමට සහ බලපෑමක් ඇති කිරීමටත් අන් අයවත් දිරිමත් කිරීමට අපි බලාපොරොත්තු වනවා.” යන ලෙසයි.