අමෙරිකානු ජනාධිපතිවරණයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් වෙමින් තිබෙනවා.
ඒ අනුව අද උදෑසන 7.00 පමණ වන විට ප්‍රතිඵල අනුව ඡන්ද විද්‍යාල 105 ක් ජය ගනිමින් ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරියෙන් පසුවන අතර ඡන්ද විද්‍යාල 27 ක ජයක් හිමි කර ගනිමින් කමලා හැරිස් දෙවන ස්ථානයේ පසුවනවා.
ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමට ඡන්ද විද්‍යාල 270 ක් ජය ගතයුතු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
අමෙරිකානු ජනාධිපතිවරණයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් යාවත්කාලීන කිරීම් විටින් විට බලාපොරොත්තු වන්න.