ශ්‍රී ලංකා හොකී සම්මේලනයේ මෙහෙයවීමෙන් වෙන්නප්පුව ඇල්බට් එෆ්. පීරිස් ක්‍රීඩාංගණයේ දී පසුගියදා පැවැති 24 වැනි ජාතික ජ්‍යෙෂ්ඨ කාන්තා හොකී තරගාවලියේ ශූරතාව ආරක්ෂක සේවා හොකී සංගමය නියෝජනය කළ ක්‍රීඩිකාවෝ දිනා ගත්හ. සත්කාරක වෙන්නප්පුව හොකී සංගමයට එහි අනු ශූරතාව හිමි වූ අතර දෙවැනි අනුශූරතාව කොළඹ හොකී සංගමය සතු විය.
ආරක්ෂක සේවා සහ වෙන්නප්පුව අතර පවත්වන ලද තීරණාත්මක අවසන් තරගයේදී ගෝල් 03 – 00 ක ජයග්‍රහණයක් වාර්තා කර ගැනීමට ආරක්ෂක සේවා ක්‍රීඩිකාවෝ සමත් වූහ.
මෙවර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ආරක්ෂක සේවා සංගමයේ සඳනී පෙරේරා සම්මාන ලැබූ අතර, ඒකාබද්ධ විශ්වවිද්‍යාලයීය සංගමයේ අශානී ඉමේෂා අනුරාධිනී දක්ෂතම ගෝල් රකින්නිය ලෙස තිළිණ ලැබුවාය.
අනුරාධ බණ්ඩාර