ගම්පහ, මිනුවන්ගොඩ මාර්ගයේදී ගම්පහ පොලිස් ස්ථානයේ නිලධාරින්ට ලද තොරතුරක මත සිදු කළ වැටලිමකදී ව්‍යාජ නෝට්ටු සන්තකයේ තබා ගත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා. ගම්පහ පොලිස් නිලධාරින් විසින් ඊයේ (03) දින පෙරවරුවේ අදාළ වැටළිම සිදු කර ඇති අතර අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී රුපියල් 5000 සටහන් ව්‍යාජ මුදල් නෝට්ටු 25 ක් සහ කොරියන් ව්‍යාජ මුදල් නෝට්ටු 90 ක් සන්තකයේ තිබු බව පොලිසිය කියා සිටියා. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 44 ක් වු නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.