නොවැම්බර් මස 11 වැනිදාට යෙදී තිබෙන පොපි මල් දිනය නිමිත්තෙන් පොපි මල් අලෙවි කිරීමේ මාසයක් රණවිරු සුබසාධක සංගමය මඟින් නම් කර ඇත.
ඒ අනුව නොවැම්බර් මාසය තුළ දිවයින පුරා පොපිමල් අලෙවි කිරීමට රණවිරු සුබසාධක සංගමය කටයුතු යොදා තිබේ.
පොපි මලක් මිල දී ගෙන සහාය දක්වන ලෙස එම සංගමය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
ලෝක සංග්රාමවලදී මෙන්ම පසුගිය තිස් වසරක් පුරා ශ්‍රී ලංකාවේ පැවති අභ්‍යන්තර යුද ගැටුම්වලදී ජීවිත පූජා කළ වීරෝදාර රණවිරුවන් අනුස්මරණය කරමින් ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය වාර්ෂිකව පොපි මල් දිනය සංවිධාන කරයි.
පොපි මල් අලෙවියෙන් ලැබෙන ආදායම රණවිරු පවුල්වල සුබසාධනය වෙනුවෙන් යෙදවීමට නියමිතය.