Pearson BTEC උසස් අධ්‍යාපනික සමුළුව 2024 වැඩසටහන, 2024 ඔක්තෝබර් මස 23 වන දින කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ Lotus උත්සව ශාලාවේ දී පැවැත්වුණු අතර, ඒ සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් වන අතිගරු ඇන්ඩෲ පැට්රික් මහතා සහභාගි විය. මෙම උත්සවය, Pearson BTEC පාඨමාලා පිරිනමන ආයතන අතර විශිෂ්ටතමයන් ව සම්මානයට පාත්‍ර කිරීම වෙනුවෙන් එක්සත් රාජධානියේ Pearson ආයතනයේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරන ලද්දකි. මෙම වාර්ෂිකව පවත්වනු ලබන උත්සවය දැන් ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්රයේ ප්‍රධානතම අංගයක් බවට පත් වී හමාර ය. මෙම සමුළුව ඔස්සේ ශ්‍රී ලංකාව පුරා විසිරී පැතිරී සිටින හොඳ ම Pearson විසින් අනුමත කර ඇති BTEC මධ්‍යස්ථාන රාශියක් එක් ස්ථානයකට එකතු කරන ලදි. මෙහි දී ජාත්‍යන්තර ව පිළිගත් BTEC පාඨමාලා සම්පූර්ණ කිරීම සඳහා උසස්ම තත්වයේ අධ්‍යාපන අත්දැකීමක් සිසුන් වෙත ලබා දීමට කැප වූ මධ්‍යස්ථාන සම්මානයට පාත්‍ර විය. ඊට අමතරව මෙම උත්සවය උසස් අධ්‍යාපන ක්ෂේත්රයේ ප්‍රධානතම නායකයින් අතර සබඳතා ඇති කර ගැනීමටත් මනා පිටිවහලක් විය.
Pearson විසින් අනුමත කරන ලද BTEC මධ්‍යස්ථාන කිහිපයකට ප්ලැටිනම්, රන්, රිදී සහ ලෝකඩ වශයෙන් සම්මාන ප්රදානය කළ අතර, 2023 වර්ෂය මුළුල්ලේ ඔවුන් දැක්වූ විශිෂ්ට කාර්ය සාධනය අගයමින් තවත් විශේෂ සම්මාන කිහිපයක් පිරිනැමීම ද මෙම සමුළුවේ දී සිදු විය. මෙම වසරේ දී Pearson විසින් ශ්‍රී ලංකාව වෙනුවෙන් සිදු කළ සේවයට වසර 50 ක් සහ ඔවුන් BTEC පාඨමාලා පිරිනැමීම ආරම්භ කර වසර 25 ක් සම්පූර්ණ කළ බැවින්, ඊට සමගාමීව පැවැත්වූ මෙම සමුළුව තවත් විශේෂ විය.
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් අතිගරු ඇන්ඩෲ පැට්රික් මහතා රැස්ව සිටි පිරිස අමතමින් එක්සත් රාජධානිය සහ ශ්‍රී ලංකාව අතර අධ්‍යාපන ක්ෂේත්රයේ ඇති ශක්තිමත් සබඳතාව අවධාරණය කළේ ය. ඔහු ප්‍රකාශ කළේ, “BTEC පාඨමාලා පිරිනමන රටවල් අතුරින් ශ්‍රී ලංකාව Pearson හි දෙවෙනි විශාලතම ජාත්‍යන්තර වෙළෙඳපොළ බවට පත් වීමෙන් පිළිබිඹු කරන්නේ, දෙරට අතර ඇති ශක්තිමත් සබඳතාව වේ. වසර 25 කට වැඩි කාලයක් තිස්සේ, දිවයින පුරා ආයතන 40 කට අධික සංඛ්‍යාවක සිසුන් 100,000 කට වඩා වැඩි පිරිසක් BTEC හි ඊටම අනන්‍ය වූ 2+1 ආකෘතියෙන් ඉහළතම ප්රතිලාභ ලබා ඇත. එමගින් ඔවුන්ට එක්සත් රාජධානියේ ඉහළතම උපාධියක් හැදෑරීම සඳහා ලාභදායී මාර්ගයක් එලි පෙහෙලි කර දී ඇත. ව්‍යාපාර අධ්‍යයනය සහ ඉංජිනේරු විද්‍යාවේ සිට විලාසිතා නිර්මාණය සහ මනෝවිද්‍යාව යන ක්ෂේත්‍ර දක්වා විහිදෙන මෙම විවිධ පාඨමාලා, ශ්‍රී ලංකාවේ අනාගත ශ්‍රම බලකාය හැඩ ගස්වනු ඇත. ඒ වගේ ම එමගින් වර්තමාන ගෝලීය ආර්ථිකය තුල ඉහළට ම යෑම සඳහා අවශ්‍ය ප්‍රායෝගික කුසලතාවලින් උපාධිදාරීන්ව සන්නද්ධ කරනු ඇත. අවසාන වශයෙන්, BTEC වැනි වේදිකා ඔස්සේ දෙරට අතර ගොඩ නැගෙන මිත්‍රත්වය මගින් නව අවස්ථා විවර වන බව මා පවසන්නේ ඉතාමත් සතුටිනි.”
Pearson South Asia හි රැකියා හා සුදුසුකම් අධ්යක්ෂ ප්‍රේමිලා පෝල්රාජ් මහත්මිය වැඩිදුරටත් පැවසුවේ, “Pearson BTEC පාඨමාලා තෝරා ගැනීම නිසා ශ්‍රී ලාංකේය සිසුන් වෙත උසස් අධ්‍යාපනය ලැබීම සඳහා මාර්ග රැසක් විවෘත වන අතර, එමගින් ඔවුන්ට විවිධ අංශ ඔස්සේ රැකියා සොයා ගැනීමට ඇති හැකියාව ද ඉහළ යනු ඇත. මෙම මාර්ගය, පුද්ගලයින්ට තම වෘත්තීය ජීවිතය සාර්ථක කර ගැනීමට පමණක් නොව, එය රටේ නිපුණත්වයෙන් යුත් ශ්‍රම බලකායක් වර්ධනය කිරීමට ද දායක වනු ඇත. මෙම ගමන් මගෙහි දී Pearson සහ එහි අධ්‍යාපනය ලබන්නන් වෙත සහය දැක්වීම වෙනුවෙන් අපගේ හවුල්කාර ආයතනවලට ගෞරව පූර්වක ස්තුතිය පිරිනැමීමට ද මා මෙය අවස්ථාවක් කර ගන්නෙමි.”
බොහෝ කලක සිට ගෝලීය වශයෙන් පිළිගත් උපාධි සොයන සිසුන් සඳහා හොඳ ම මාර්ගයක් ලෙස Pearson BTEC පාඨමාලා ප්‍රසිද්ධියක් උසුලයි. මෙම පාඨමාලා එක්සත් රාජධානියේ උසස් අධ්‍යාපන සුදුසුකම් සඳහා වන රාමුව (FHEQ) සමග පෙළ ගැසී ඇති බැවින්, මෙමගින් ගැණිය නො හැකි තරම් ශිෂ්‍යයන් පිරිසකට තම උසස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගැනීමට සහ ලාභදායී ව එක්සත් රාජධානිය තුල උපාධියක් හැදෑරීම සඳහා සහය වී ඇත. මෙහි දී ශිෂ්‍යයන්ට තම උපාධිය ශ්‍රී ලංකාවේ දී හෝ එක්සත් රාජධානියේ දී සම්පූර්ණ කළ හැකිය. එය Pearson BTEC පාඨමාලාවල ජාත්‍යන්තර පිළිගැනීම සහ වටිනාකම තවත් තහවුරු කරනු ඇත. Pearson BTEC විසින් වසර 25 කට වැඩි කාලයක් තිස්සේ ශ්‍රී ලාංකේය සිසුන්ගේ අනාගතය හැඩ ගස්වාලීම සඳහා විශාල කාර්යභාරයක් ඉටු කර ඇති අතර, ඔවුන්ට දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් අවස්ථා රැසක් ද විවර කර දී ඇත.
ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ Pearson හි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සූරිය බිබිලේ මහතා ද සිය අදහස් දක්වමින් කියා සිටියේ, “මෙම BTEC පාඨමාලා මගින් සිසුන්ට හුදෙක් අධ්‍යාපනික දැනුම ලබා දීම පමණක් නොව, ඔවුන්ට සැබෑ ලෝකයේ දී භාවිතා කිරීමට අවශ්‍ය වන ප්‍රායෝගික කුසලතා ලබා දීම ද සිදු කරයි. 2023 වර්ෂය ද ශ්‍රී ලංකාවේ BTEC මධ්‍යස්ථානවලට තවත් අතිවිශිෂ්ට වසරක් විය. වෙළෙඳපොළ සැලකිය යුතු ලෙස වර්ධනය වීම නිසා, තවත් වැඩි සිසුන් පිරිසක් තම අධ්‍යයන සහ වෘත්තීය ඉලක්ක සපුරා ගැනීම සඳහා BTEC පාඨමාලා තෝරා ගෙන ඇත. අපගේ BTEC International Level 03 මට්ටමෙහි දක්නට තිබූ වර්ධනය ද මෙහි දී කැපී පෙනේ.”
Pearson අනුමත කරන ලද BTEC මධ්‍යස්ථානවල ජයග්‍රහණ සැමරීමට අමතරව, BTEC පාඨමාලා විසින් සමස්ත රට තුල ඇති කර ඇති බලපෑම ගැන ද මෙම සමුළුවේ දී සාකච්ඡාවට බඳුන් විය. BTEC උසස් ජාතික ඩිප්ලෝමාව, ව්‍යවහාරික ඉගෙන ගැනීම වෙත අවධානය යොමු කිරීම, සිසුන්ට ප්‍රායෝගික, පුද්ගලානුබද්ධ සහ චින්තන කුසලතා වර්ධනය කිරීම වැනි කාරණාවලට කීර්තියක් උසුලයි. මෙම සුදුසුකම් එක්සත් රාජධානිය ඇතුළු අනෙකුත් රටවල සේවා යෝජකයින් සහ අධ්‍යාපන ආයතන විසින් ඉතා ඉහළින් පිළිගන්නා අතර, එමගින් සිසුන්ට රැකියා සහ වැඩිදුර අධ්‍යාපනය සඳහා කිසිදු බාධාවකින් තොරව යොමු විය හැකිය. Pearson BTEC පාඨමාලා ඔස්සේ රැකියා වෙත තම පළමු පියවර තබන අයගේ සිට, තම වෘත්තියේ ඉහළට යෑම සඳහා වැඩිදුර අධ්‍යාපනය ලබන අය දක්වා පුළුල් පරාසයක පැතිරුණු ශිෂ්‍යයන් වෙත අවස්ථාව ලබා දෙයි.