කඳාන ප්‍රදේශයේ රසායනික ද්‍රව්‍ය නිෂ්පාදන ස්ථානයකට අයත් ගබඩාවක අද (08) උදෑසන හටගත් ගිනෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 50ක් වන ගනේමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය පවසයි.
ගින්න හටගත් අවස්ථාවේ දී එම ආයතනයේ ගණකාධිකාරිවරයා ගබඩාව තුළ සිට ඇති අතර ඔහු ගින්නට හසුව එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.
පොලීසිය සඳහන් කළේ කඳාන වීදි මාවත ප්‍රදේශයේ මෙම ගින්න හටගෙන ඇති බවය.
ගින්න පාලනය කිරීම සඳහා ගම්පහ සහ මීගමුව ගිනි නිවන ඒකක හා නාවික හමුදා ගිනි නිවීමේ ඒකකය මේ වනවිටත් එම ස්ථානයට පැමිණ සිටින බව වාර්තා වේ.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිදුවීම සම්බන්ධයෙන් කඳාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.