ධීවර ප්‍රජාව සඳහා විශේෂ ඉන්ධන සහනයක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ, අනුව ඩීසල් ලීටරයකට රුපියල් 25ක සහනයක් ලබාදීමටයි තීරණය කර ඇත්තේ. ඊට අමතරව භූමිතෙල් සඳහා ද ලීටරයකට රුපියල් 25ක සහනයක් ලබාදීමට කටයුතු කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. 2024-10-01 දින සිට ක්‍රියාත්මක වන පරිදි මාස 06ක කාලයක් සඳහා මෙම සහන ලබාදීමටයි කැබ්නට් අනුමැතිය හිමිව ඇත්තේ. ඩීසල් හා භුමිතෙල්වල මිල සංශෝධනයන් සිදුකරන සෑම අවස්ථාවකදීම ඩීසල් සඳහා උපරිම සහන මිල රුපියල් 250ක සීමාවකට ද භූමිතෙල් සඳහා උපරිම සහන මිල රුපියල් 150කට ද යටත්ව මෙම සහනය ලබාදෙනු ඇති. මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව මෙම සහන ලබාදෙනවා