අමෙරිකානු වෙළඳපොලේ බොරතෙල් මිල ඊයේ (14) 2% කින් පහළ ගොස් තිබේ.
ඒ, ඛනිජ තෙල් අපනයනය කරන රටවල සංවිධානය හෙවත් ඔපෙක් සංවිධානය බොරතෙල් ඉල්ලුම අඩුවෙනු ඇතැයි, පුරෝකථනය කිරීම හේතුවෙන්.
ඒ අනුව දෛනික බොරතෙල් ඉල්ලුමේ වර්ධනය බැරල් මිලියන 2ක සිට මිලියන 1යි දශම 9ක් දක්වා අඩුවනු ඇතැයි ඔවුන් සඳහන් කළේ ය.