විභාග වංචා සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පුද්ගලයින් 473 දෙනෙකුට එරෙහිව ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබද සෑහිමකට පත්විය නොහැකි බව ලංකා ගුරු සංගමය පවසනවා. එහි ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාර්ලින් මේ බව කියා සිටියේ 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ගැටළුව පාදක කර ගනිමින්. විභාග වංචා සම්බන්ධයෙන් චෝදනා එල්ල වන පුද්ගලයන්ට ගන්නා ක්‍රියාමාර්ග පිළිබද සෑහිමකට පත්විය නොහැකි බවයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාර්ලින් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියා. විභාග වංචා සිදු කරන අයට දඩුවමක් ලෙස සිදු කර ඇත්තේ විභාග තහනම් කිරීම පමණක් බව ඔහු අනාවරණ කර සිටියා. එමෙන්ම දඩුවම් ලබා දීම් නියම කරන්නේ පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරයා බලතල දී ඇති නමුත් සමහර චෝදනාවලට දඩුවම් තියා පරික්ෂණවලත් සිදු නොවන තත්ත්වයක් ඇති බව ජෝශප් ස්ටාර්ලින් කියා සිටියා. ඉදිරියේදී විභාග සම්බන්ධයෙන් විශ්වාසනීය භාවයකින් යුතුව කටයුතු කිරීමේ හැකියාවක් නොමැති නම් විභාග දෙපාර්තමේන්තුවේ කාර්යය කුමක් දැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාර්ලින් මෙහිදී ප්‍රශ්ණ කර සිටියා. කෙසේ වෙතත් මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය යළි නොපැවැත්වෙන බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර ඊයේ(14) කියා සිටියා. එමෙන්ම පිටවූ බව කියන පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුන සදහා නිදහස් ලකුණු ලබාදීමටද තීරණය කර ඇති බවයි ඔහු ප්රවෘත්ති සාකච්ඡාවක් කැදවමින් කියා සිටියේ.මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න කිහිපයක් පිටවීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ සැලැසුම් අධ්යක්ෂවරයා සහ අලව්ව ප්‍රදේශයේ උපකාරක පන්ති ගුරුවරයෙකු ද අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටිනවා.