ශ්‍රී ලංකාවේ උසම කැරකෙන අවන්හලේ දී අංශක 360 ක මනරම් දර්ශනයක සිරි නරඹමින් අද්විතීය භෝජන සංග්‍රහයක් අත්විඳින්න
ළඟ ළඟම එන නිවාඩු සමයේ දී, කොළඹ අහසේ සිට කිසිදාක අත්නොවිදි භෝජන සංග්‍රහයක් අත්විඳීම සඳහා Blue Orbit by Citrus විසින් තම අමුත්තන් වෙත ආරාධනා කරනු ලබයි. ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාවේ උසම කැරකෙන අවන්හල ලෙසින් ප්‍රචලිත කොළඹ නෙළුම් කුළුණ තුළ පිහිටා ඇති මෙම කැරකෙන අවන්හල මගින් ඔබට මනදොළ පිනවන රසයක් සහ අංශක 360 ක දර්ශනයක රසාස්වාදයක් පිරිනමනු ඇත.
මෙම උත්සව සමය වෙනුවෙන් Blue Orbit විසින් උත්සව චමත්කාරය මුසු වූ රසවත් ආහාරපාන පිරි භෝජන අත්දැකීමක් සූදානම් කරඇත. අවන්හලේ ප්‍රවීණ සූපවේදි කණ්ඩායම විසින් විවිධ ජාත්‍යන්තර ආහාර වට්ටෝරුවල සිට නව උත්සව පාන වර්ග දක්වා, උත්සව සමයේ විශේෂතම රසයන් හොඳින් ම ඉස්මතු කරන භෝජන වර්ග ඔබ වෙනුවෙන් තෝරා ගෙන ඇත. විශේෂයෙන්ම සැකසූ කොක්ටේල් වර්ග සහ සූක්ෂමව නිමැවූ බීම වට්ටෝරුවක් ද එක් වී ඇත. පවුලේ සාමාජිකයන්ට එකට සමරන නත්තල් උත්සවයක් වුවත්, ආදරණීය නව අවුරුදු රාත්‍රි ආහාර වේලක් වුවත්, ඒ සියලු ම වර්ගවල අවස්ථාවන් උදෙසා සුදුසු ම පසුබිමක් නිර්මාණය කරනු ලබයි.
අමුත්තන් වෙත ඉතාලි, ජපන්, චීන, මැද පෙර දිග, ඉන්දියානු, ශ්‍රී ලාංකික සහ බටහිර ආහාර පානවලින් සමන්විත ප්‍රණීත ආහාර වර්ග 300 කට අධික සංඛ්‍යාවක් ඇතුළත් දිවා රාත්‍රි භෝජන වට්ටෝරුවලින් සංග්‍රහ කෙරෙනු ඇත. මෙහිදී ලොව පුරා ඇති විවිධ රසවත් ආහාර වර්ග,අතුරුපස සහ දරුවන් සඳහා වූ පැණි රස අංශයක් යනාදී අංශ කිහිපයකින් ආහාර පිළිගැන්වේ. මෙම සෑම භෝජනයක් ම Blue Orbit හි අතිදක්ෂ සූපවේදීන් විසින් ඉතා මැනවින් සකස් කර ඇති අතර, එම සෑම භෝජන අත්දැකීමක ම කොළඹ අහසේ අයස්කාන්ත බව මුසු වී ඇත.
උත්සව සමය වෙනුවෙන් විශේෂ ලෙස සැලසුම් කළ අවස්ථා ලෙස දෙසැම්බර් 24 වන දින ඇති නත්තල් රාත්‍රි භෝජන සංග්‍රහය, 25 වන දින ඇති නත්තල් දිවා භෝජන සංග්‍රහය, සහ 31 වන දා ඇති නව අවුරුදු සැඳෑවේ විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහය නම් කළ හැකිය. විශේෂ උත්සව අවස්ථා, ආදරණීය සන්ධ්‍යාවන්, හෝ ඒ අතර ඇති ඕනෑම අවස්ථාවක් සඳහා Blue Orbit විසින් අමතක නොවන පසුබිමක් නිර්මාණය කර දෙනු ඇත. 225 ක ආසන ධාරිතාවක් සහ හොඳින් අවකාශය ඇති රථ ගාලක් සහිත නිසා, උපන්දින සැමරුම්, ආයතනික උත්සව, ව්‍යාපාරික හමු ඇතුළු ඕනෑම ආකාරයක සැමරුමක් හෝ විශේෂ අවස්ථාවක් සඳහා මෙම අවන්හල වෙන් කරවා ගත හැකිය.
Blue Orbit by Citrus හි මෙහෙයුම් කළමනාකරු සුපුන් ගුණවර්ධන තම අදහස් බෙදා ගනිමින් ප්‍රකාශ කර සිටියේ, “මෙම උත්සව සමය සුවිශේෂ කරලීම සඳහා අප හොඳ සූදානමකින් සිටින්නෙමු. අපගේ උත්සව භෝජන වට්ටෝරු, මනස්කාන්ත දර්ශන සහ ශ්‍රී ලංකාවේ උස ම කැරකෙන අවන්හලේ අද්විතීය අත්දැකීමත් සමග අමතක නොවන මතකයක් ලබා දීම සඳහා අපේ අමුත්තන් ව පිළිගැනීමට අප සූදානමින් සිටින්නෙමු.” ලෙසයි.වැඩි විස්තර සඳහා අමතන්න 0765 444 111 හෝ 0765 443 333.