ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ ප්රහාරයන් හේතුවෙන් මැද පෙරදිග පවතින ගැටුම් වර්ධනය වී ලෝක ඉන්ධන සැපයුමට බාධා එල්ල වෙතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම හේතුවෙන් ලෝක වෙළඳපොලේ බොර තෙල් මිල ඉහළ ගොස් ඇතැයිද එම මාධ්‍ය වාර්තා කර සිටිනවා. ඉරානය මේ වන විට ලොව 07වැනි ඉන්ධන නිෂ්පාදකයා වන අතර ඔපෙක් සංවිධානයේ තෙවැනි විශාලතම ඉන්ධන නිෂ්පාදකයාද වනවා. ආරංචි මාර්ග සඳහන් කරන්නේ; Hormuz සමුද්‍ර සන්ධිය ඔස්සේ ඉන්ධන ප්‍රවාහන යාත්‍රා සඳහා ගමනාගමනයට මෙම ගැටුම්වලින් බාධා එල්ල විය හැකි බවයි.