පසුගිය ජනාධිපතිවරණ ධුර අපේක්ෂක රොෂාන් රණසිංහ මහතා මව්බිම ජනතා පක්ෂය සමග එක් ව තිබෙනවා. අද (02) පෙරවරුවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරයා මෙලෙස මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් විජේවීර මහතා සමග දේශපාලනික කටයුතු ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව මව්බිම ජනතා පක්ෂයේ සභාපතිත්වය රොෂාන් රණසිංහ මහතාට පිරිනමා තිබෙනවා. මහාචාර්යය චන්න ජයසුමන මහතා ද මව්බිම ජනතා පක්ෂය සමග එක් ව ඇති අතර ඔහු පක්ෂයේ උප සභාපති ලෙස පත් කෙරුණා. ගම්පහ දිස්ත්රික්කයේ මිලාන් ජයතිලක ද මව්බිම ජනතා පක්ෂය සමග එක් ව ඇති බවයි වාර්තා වන්නේ. මීට පෙර හිටපු පාර්ලිමේන්තු මන්ත්රී දිලුම් අමුණුගම මහතා ද මව්බිම ජනතා පක්ෂය අමග අත්වැල් බැඳගත්තා. ඔහු මේ වනවිට මව්බිම ජනතා පක්ෂයේ ජාතික සංවිධායකවරයායි. රොෂාන් රණසිංහ, මහාචාර්යය චන්න ජයසුමන යනු ශ්රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු සාමාජිකයන් වනවා.