අඩි 15 ක පමණ දිගැති කිලෝ දෙදහසක් පමණ බරැති තල්මසෙකු අද (03) උදෑසන පානදුර වෙරළට ගොඩගසා සිටී බව පානදුර පොලිස් ජීවිත ආරක්ෂක ඒකකය පවසයි .
සත්වයාගේ ශරීරයේ සීරිම් තුවාල කිහිපයක් දක්නට ලැබෙන බවත්, ගොඩට පැමිණ සුළු වේලාවකින් මියගොස් ඇති බවත් සදහන් වේ.
සත්වයා පිරිමි සත්වයෙකු බවට හදුනාගෙන ඇති අතර අත්තිඩිය වනජීවී කාර්යාලය සහ නාරා ආයතනය දැනුවත් කර පොලිස් පරීක්ෂණ සිදු කර තිබෙයි.