ත්‍රිවිධ හමුදාව තුළ මෙතෙක් පැවති ආහාර සලාක ලබාදීමේ ක්‍රමවේදය ලබන ජනවාරි සිට වෙනස් කිරීමට නියමිත බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.
ඒ පසුගියදා ආරක්ෂක රාජ්‍ය අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී ය.
ඒ අනුව ආහාර සලාක මුදල ලබන ජනවාරියේ සිට හමුදා සාමාජිකයාගේ මාසික වේතනයට එක්කිරීමට නියමිත බවත් එමගින් හමුදා සාමාජිකයින් ගේ මූල්‍ය ශක්තිය වඩාත් ස්ථාවර වන අතර මූල්‍ය විනිවිදභාවය සහ වගවීම වඩාත් තීව්ර වනු ඇති බව එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.