සමගි ජන බලවේග රජයක් තුළ මේ පැත්තෙන් පැත්තට පනින ගෙඹි දේශපාලනයට තිත තබන බවත් දැනට ඇති නීති පවා තවදුරටත් ශක්තිමත් කර වාසියට පක්ෂ මාරු කරන දේශපාලනයට නැවතීමේ ලකුණ තබන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ 2024 ජනාධිපතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගයේ 21 වැනි විජයග්‍රාහී ජන රැළිය ඊයේ (27) දින අම්පාර පොතුවිල් පැවැති ජන රැළියකට එක්වෙමින්.
සමහර අයට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය ලැබුණු පසු අම්මා තාත්තා ජන්මය අමතක වන බවත් ඒ නිසා සමහරු ජනතාවගේ ඡන්දයෙන් ගොස් ආදාහන භුමදාන ගැටලුවේදී ගෝඨාභය රාජපක්ෂට අත ඉස්සු බවත් ඉස්ලාම් ජනතාවගේ සංස්කෘතික හා ආගමික අයිතිය ආරක්ෂා කළේ තමා ඇතුළු සමගි ජන බලවේගය බව ඔහු සිහිපත් කලේය.
බියර් පර්මිට් වයින් ස්ටෝස්වලට පගාවට සල්ලිවලට මොවුන් ජනතා වරම විකුණා දැමු බවත් සමගි ජන බලවේග රජයක් තුළ මේ පැත්තෙන් පැත්තට පනින ගෙඹි දේශපාලනයට තිත තබන බවත් දැනට ඇති නීති පවා තවදුරටත් ශක්තිමත් කර වාසියට පක්ෂ මාරු කරන දේශපාලනයට නැවතීමේ ලකුණ තබන බව ඔහු පවසා සිටියා.
අප රට නිදහස් රටක් වුවත් ජනතාවට ආර්ථික නිදහස අහිමි වී ඇති බවත් අප රට ජාති ආගම් ජන කොට්ඨාස ලෙස බෙදී වෙන්වී ඇති මොහොතක සියලු ම ජනතාව ජාති ආගම පන්තිය තරාතිරම් කුමක් හෝ වේවා මුළු රට ම එකට එකතු අවස්ථාව සැප්තැම්බර් 21 නිර්මාණය වන බවත් එකමුතුභාවයෙන් ජාතික සමගියෙන් සංහිඳියාවෙන් මිත්‍රශීලීත්වයෙන් එක්සේසත් වූ මාතෘභූමියක් ගොඩනගන බවත් විපක්ෂ නායකවරයා කියා සිටියා.
රට ආර්ථික මර උගුලක පැටලී ජනතාව ආර්ථික විනාශයකට ලක්ව ඇති මොහොතක මේ තීරණාතමක අවධියේ රට ගොඩනගන්න අවශ්‍ය ආර්ථික දර්ශනය තම සතුව ඇති බවත් දක්ෂයෝ සිටින්නේ සමගි ජන බලවේගය සතු නිසා විශාල වැඩකොටසක් සිදු කළ හැකි බවත් ඔහු අවධාරණ කර සිටියා.