ප්‍රකට රංගන ශිල්පිනී දුලානි අනුරාධා 2020 වසරේදී නාවික හමුදා නිලධාරියෙකු සමග යුග දිවියට පිවිසියාය. ඇය දැන් ඒ ගැන වෙනස් කථාවක් කියන්නීය. ඇය මාධ්‍ය වෙත පසුගිය දිනවල දැක්වූ අදහස් මෙසේය.
“රංගන ශිල්පිනිය කියන භූමිකාව නිතර කතාබහට ලක්වෙනවා. ඒක සාමාන්‍යයි. සමාජ මාධ්‍ය අසත්‍ය තොරතුරු පවා උලුප්පලා පෙන්නනවා. ඒවා හරිද වැරදිද කියලා දන්නේ අපි විතරයි. මටත් එහෙම වුණු තැන් තිබුණා. ගුරු භූමිකාව කියන්නේ ගෞරවාන්විත රැකියාවක්. ඒ නිසා මට ඒක අභියෝගයක් වුණා. හැබැයි මතක් කරන්න ඕනේ සුමංගල බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය වගේම කාර්ය මණ්ඩලය ඒ වගේ තැන්වලදී මාත් එක්කම හිටියා. යම් චරිතයක් කරලා මම දරුවෝ ඉදිරියට යන්න ඕනේ. මේ මගේ ගුරුවරිය කියලා ඒ අය මට දණගහලා වඳින කොට ඒ අයගේ හිත්වල මගේ ගැන වැරදි ප්‍රතිරූපයක් නැති වෙන්න ඕනේ.
මම විවාහකයි. ඒත් මේ වෙද්දි මං විවාහයෙන් ඈත් වෙලා තනිකඩව ගෙවනවා. ආදරය කියන එක ඕනෙම කෙනෙක් ඕනෙම වයසකදි ලබන්න කැමැති දෙයක්. මාත් එහෙමයි.
අම්මගෙනුයි තාත්තගෙනුයි ලැබෙන සහාය වචනයෙන් කියන්න බැහැ. අදටත් මගේ කෑම ටික හදල දෙන්නේ අම්මා අසනීපයක් හැදුනොත් තෙල් ටිකක් ගාලා ඔළුව අතගාන්නෙ අම්මා. මම ගොඩක් වාසනාවන්තයි ඒ වගේ ආදරයක් ලබන්න.
කාන්තාවක් වුණහම විවාහ වෙන්නම ඕන කියන එක ගැන කියනවා නම්
කාන්තාවක් නිරන්තරයෙන්ම ආදරය සෙනෙහස රැකවරණය ලබන්න කැමැතියි. හැබැයි ගොඩක් වෙලාවට විවාහය ඇතුළේ කාන්තාවන්ගේ නිදහස කියන එක නැති වෙනවා. සමාජශීලි නොවන කෙනෙක්ට ඒක ගැටලුවක් නොවෙන්න පුළුවන්. හැබැයි සමාජශීලී කෙනෙක්ට ඒක ගැටලුවක් වෙනවා. ඉතින් ඒ නිසා විවාහ වෙනවද නැද්ද කියන එක ඒ දේවල් මත තීරණය වෙන්න පුළුවන්. විවාහය කියන එකත් දරාගෙන යන්න ඕන ගමනක්. තනිකම කියන එකත් දරාගෙන යන්න ඕන ගමනක්. එනිසා විවාහ විය යුතුද නැද්ද කියලා අපිට කාටවත් කියන්න බැහැ.
හැබැයි ගැහැනියකට මේ සමාජයේ තනියම ඉන්න අමාරුයි . තනි ගැහැනියෙකුට ප්‍රශ්න ඇති වෙන්න තියෙන අවදානම වැඩියි. අනික කාන්තාව ආදරයට කරුණාවට කැමති නිසා රැවටෙන්න තියෙන ඉඩත් වැඩියි. ඒ නිසා එහෙම අයට මට කියන්න තියෙන්නේ නිරන්තර සිහියෙන් වැඩ කරන්න, නිතරම තමන්ව විශ්වාස කරන්න කියන එකයි.
මම කරපු චිත්‍රපට දෙකක් තිරගත වෙන්න තියෙනවා. ඒ වගේම ළඟදී නාට්‍යයකුත් කළා. ඉදිරියේදී රංගනයටත් වැඩිපුර අවධානය දෙන්න හිතාගෙන ඉන්නවා. දැන් මම ගුරු වෘත්තියෙන් කෙටි නිවාඩුවක් අරගෙනයි ඉන්නේ. මේ ටික කාලෙදී මගේ හිතට ලැබෙන චරිතයක් ලැබුණොත් ඒක කරනවා.”