ඉන්දියාවේ චෙන්නායි හි පිහිටි MIOT International, රෝහලෙන් දරුණු ඔස්ටියෝ ආතරයිටිස් රෝගීන් සඳහා, නවතම විප්ලවීය ප්‍රතිකාර ක්‍රමයක් වන Genicular Artery Embolization ප්‍රතිකාර හදුන්වා දෙයි. මෙය දණහිසේ දැවිල්ල අඩු කර, වේදනාවෙන් සහනය සලසන pinhole ක්‍රියාවලියක් වන අතර, ඔස්ටියෝ ආතරයිටිස් රෝගීන්ට මෙම ප්‍රතිකාර ක්‍රමය ඔස්සේ සාර්ථකව ප්‍රතිකාර කරමින් සහනය සලසන MIOT International, ඇඳන් 1000 කින් යුත් බහුවිධ සත්කාරක රෝහලකි.
වයස අවුරුදු 40 ඉක්මවන විට, පුද්ගලයකුගේ දණහිස් සන්ධි ක්‍රමක්‍රමයෙන් ක්ෂය වීමට පටන් ගැනීම ස්වභාවයයි. අස්ථි අතර මෘදු බව ඇති කරන කාටිලේජ පටක ගෙවී යාම නිසා දණහිස් අස්ථි දෙක එකිනෙක ඇතිල්ලීම හේතුවෙන් දැඩි තදබවක්, වේදනාවක් හට ගන්නා අතරම, දණහිස් ඉදිමීමටද පටන් ගනී. මෙය, ‘දණහිසේ ඔස්ටියෝ ආතරයිටිස්’ ලෙස හඳුන්වන රෝගී තත්ත්වයයි. එම තත්ත්වයට මුහුණ දෙන ඕනෑම අයකුගේ එදිනෙදා කටයුතුවලට බාධා පැමිණෙන අතර, වාඩි වීම, සිටගෙන සිටීම, ඇවිදීම, නැමීම සහ පඩි නැගීම වැනි දේ කිරීමද ඉතා අසීරු වේ.
ඔස්ටියෝ ආතරයිටිස් රෝගයේ මුල්ම හෝ මධ්‍යස්ථ අවධියේදී රෝගීහු සහනය ලබාගැනීම සඳහා, බාම් වර්ග හා සාම්ප්‍රදායික ඖෂධ ප්‍රතිකාරවලට නැඹුරු වෙති. කෙසේ වෙතත්, එවැනි සාර්ථක නොවන පිළියම් මගින් අනවශ්‍ය අතුරු ආබාධ ඇති වන අතර, ඔස්ටියෝ ආතරයිටිස් තත්ත්වයට දීර්ඝ කාලීනව සාර්ථක නොවන ප්‍රතිකාර ලබාගැනීමට පොළඹීමෙන්, වකුගඩු වැනි ඉන්ද්රියයන්වලටද එම තත්ත්වය අහිතකර ලෙස බලපාන බව එම රෝගීන්ට අවබෝධවීමට බොහෝ කලක් ගතවේ.
Genicular Artery embolization ප්‍රතිකාර ක්‍රමය:
MIOT’s Interventional Radiologist විසින් හඳුන්වා දුන් මෙම Genicular Artery Embolization (GAE) ප්‍රතිකාරය සිදු කෙරෙන්නේ විවෘත ශල්‍යකර්මයකින් තොරවය. මේ සඳහා අඩුම තරමේ රෝගියා නිර්වින්දනය කිරීමවත් අවශ්‍ය අතර කිසිදු කැළැලක් ඇති නොවන ප්‍රතිකාරයකි. එමෙන්ම, ප්‍රතිකාර ලබාගැනිමෙන් අනතුරුව, දින දෙකක් ඇතුළත රෝගියාට රෝහලෙන් පිටවීමිටද හැකියාව පවතී. දණහිසේ ඔස්ටියෝ ආතරයිටිස් තත්ත්වය හේතුවෙන් දැඩි වේදනා අත්විඳින රෝගීහු තරුණවියේ පසුවීමත්, වෙනත් රෝග තත්ත්වයන්ට ප්‍රතිකාර ගැනීමත් විශේෂයෙන්ම, ශල්‍ය කර්මයන්ට මුහුණ දක්වන බියත් හේතුවෙන්, පූර්ණ දණහිස් ප්‍රතිස්ථාපන ශල්‍යකර්මයක් සිදුකර ගැනීමට මැළිකමක් දක්වති. එවැනි රෝගීන්ට දණහිසේ ඔස්ටියෝ ආතරයිටිස් තත්ත්වය සඳහා වන කදිම ප්‍රතිකාරයක් ලෙසින් මෙම ප්‍රතිකාර ක්‍රමය නිර්දේශ කෙරේ.
Genicular Artery Embolization සිදු කරන ආකාරය:
Genicular Artery Embolization ප්‍රතිකාරය අතරතුර, ඉකිලි ප්‍රදේශය හිරිවැටීම සඳහා දේශීය නිර්වින්දන ඖෂධයක් එන්නත් කරනු ලැබේ. ඉන්පසුව, ප්‍රතිකාර කිරීම සඳහා එක්වන විකිරණවේදීන් විසින් මිලිමීටර් 2 ක කැපුමක් සිදු කරන අතර, එම කැපුමෙන් රෝගියාගේ ඉහළ කලවා ධමනි තුළට කුඩා කැතීටරයක් ඇතුළු කෙරේ. MIOT හි අතිනවීන Biplane CathLab පද්ධතිය (ඉන්දියාවේ ප්‍රමුඛතම) මගින්, Synovium ලෙස හඳුන්වන, දණහිසේ ආස්තරණය සපයන ධමනි වෙත එම කැතීටරය මෙහෙයවනු ලබන්නේ, X-කිරණ හරහාය. අනතුරුව, අලුතින් සෑදූ ස්නායු කෙඳි වෙත රුධිර සැපයුම අවහිර කරන අතර, කැතීටරය හරහා කුඩා අංශු එම ධමනි තුළට එන්නත් කරනු ලැබේ. මෙම ක්‍රමය මගින්, ඔස්ටියෝ ආතරයිටිස් හේතුවෙන් දණහිස් ආශ්‍රිතව හටගන්නා දැවිල්ල අඩු කර රෝගියාගේ වේදනාවට සහනය සලසයි.
1999 වසරේ ආරම්භ කරනු ලැබූ MIOT International, විශේෂඥ වෛද්‍යවරුන් 63 දෙනකුගෙන් සහ පූර්ණ කාලීන වෛද්‍යවරුන් 250 දෙනකුගෙන් සමන්විතව අක්කර 14 ක විශාල භූමි භාගයක පවත්වාගෙන යන, ඇඳන් 1,000කින් සමන්විත සුවිශේෂී රෝහලකි. එමෙන්ම, දශකයකට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකික රෝගීන්ට සෞඛ්‍ය සේවා සපයන MIOT International, පූර්ණ කාලීන, අතිදක්ෂ වෛද්‍යවරුන් කණ්ඩායමක් මගින් එහි කටයුතු පවත්වා ගෙන යන අතර නිරතුරුවම සෞඛ්‍ය සේවාවේ ගුණාත්මක ප්රමිතීන් ආරක්ෂා කිරිමට කැපවන රෝහලකි. ඉකුත් 25 වසර පුරාම, MIOT සෞඛ්‍ය සේවාව සඳහා නවෝත්පාදන බිහි කරන රෝහලක් වශයෙන් නමක් දිනා ඇති අතර, එමගින් සෞඛ්‍ය සේවාවට මෙබඳු නවීනතම හඳුන්වා දීම් රැසක් දායාද කරමින්, ඉන්දියාවේ පමණක් නොව, ආසියා පැසිෆික් කලාපයේද, ජාත්‍යන්තරයේද, පෙරමුණේ පසුවෙයි.
MIOT රෝහල් තොරතුරු මධ්‍යස්ථානය, ශ්‍රී ලංකාව:
ශ්‍රී ලංකාවේ MIOT රෝහල් තොරතුරු මධ්‍යස්ථානය පවත්වාගෙන යනු ලබන්නේ මෙරට ජනතාවට ජාත්‍යන්තර මට්ටමේ සෞඛ්‍ය සේවාවන් සඳහා ප්‍රවේශය සලසන මධ්‍යස්ථානයක් වශයෙනි. එම මධ්‍යස්ථානය මගින් පත් කර ඇති MIOT හි නිල කණ්ඩායමක සහයෙන්, රෝගීන් MIOT India රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් හා සම්බන්ධ කිරීම සිදුකරන අතර, එරට ගුවන් තොටුපොළේ සිට MIOT රෝහල දක්වා යාමට අදාළව ගමන් වියදම්, භාෂා පරිවර්තන සහය සැලසීම ඇතුළු සියලු සම්බන්ධීකරණ කාර්යයන් සිදුකරනු ලබන්නේ, එම මධ්‍යස්ථානය මගිනි. රෝගී තත්ත්වයට සාර්ථකව ප්‍රතිකාර කිරීමෙන් පසු රෝගීන්ට නැවත මෙරටට පැමිණෙන තෙක් එලෙස සියලු සම්බන්ධිකරණ කාර්යයන් සිදුකරන මෙම මධ්‍යස්ථානය, මෙරට රෝගීන් සඳහා පූර්ණ සත්කාරක සේවාවක් සැලසීමේ මැහැඟි කාර්යභාරයක නියැළෙයි.
අංක 30, ක්වින්ස් පාර, කොළඹ – 00300, ශ්‍රී ලංකාව
දුරකතන: +94 11 2550168, +94 777848208
ඊමේල්: [email protected]