අද (12) සහ හෙට (13) යන දිනයන්වල දී සියලු රාජකාරී වලින් ඉවත් වන බවත් දීපව්‍යාප්ත විරෝධතා සතියක් ආරම්භ කරන බව ග්‍රාම නිලධාරී වෘත්තිය සමිති සන්ධානය පවසනවා. ගැසට් කරන ලද ග්‍රාම නිලධාරීන්ගේ සේවා ව්‍යවස්ථාවට සිය යෝජනා ඇතුළත් නොකිරීම හේතුවෙන් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එළඹෙන බවයි එම වෘත්තිය සමිති සන්ධානය වැඩිදුරටත් පැවසුවේ. එමෙන්ම අද (12) පෙරවරුවේ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය ඉදිරිපිට නිහඬ විරෝධතා ව්‍යාපාරයක නිරත වන බව ද ග්‍රාම නිලධාරී වෘත්තිය සමිති සන්ධානය සඳහන් කළා.