ඔස්ට්‍රියාවේ වියානා නුවර පැවැත්විමට නියමිතව තිබු සුප්‍රකට පොප් ගායිකා ටේලර් ස්විෆ්ට්ගේ ප්‍රසංග තුනක් අයිඑස් ත්‍රස්ත ප්රහාරයක අවදානම මත අවලංගු කිරීමට සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. සංගීත ප්‍රසංගයේ සංවිධායකවරු මේ තීරණය ගෙන ඇත්තේ අයිඑස් ත්‍රස්ත කල්ලියේ සාමාජිකයන් දෙදෙනකු පෙරේදා අත්අඩංගුවට ගැනීමෙන් පසුවය. සංගීත ප්‍රසංගය අතරතුර වියානා නුවරට ප්‍රහාරයක් එල්ල කිරීමට අයිඑස් ත්‍රස්ත කල්ලිය සැලසුම් කර තිබූ බව අත්අඩංගුවට ගත් එම සංවිධානයේ සාමාජිකයන්ගෙන් හෙළි වී ඇතැයි ද වාර්තා වේ.
සංගීත ප්‍රසංගය පැවැත්වීමට නියමිතව තිබූ වියානා අගනුවර අර්නස්ට් හැපල් ක්‍රීඩාංගණයට අයිඑස් ප්‍රහාරයක් එල්ලවීමේ තර්ජනයක් ඇතැයි ආරක්ෂක අංශ කළ දැනුම් දීමෙන් පසු සියලු දෙනාගේ ආරක්ෂාව සැලකිල්ලට ගෙන ටේලර් ස්විෆ්ගේ සංගීත ප්‍රසංග ත්‍රිත්වය අවලංගු කිරිම හැර අන් විකල්පයක් නොතිබූ බව සංවිධායක මණ්ඩලය නිවේදනය කර තිබේ. අත්අඩංගුවට පත්වූ අයිඑස් සාමාජිකයන් දෙදෙනා අතර 19 හැවිරිදි තරුණයකු ද සිටින බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. ඔහුගේ නිවෙස සෝදිසි කිරීමේදී රසායනික ද්‍රව්‍ය සොයාගෙන ඇතැයි ද, එම රසායනික ද්‍රව්‍ය පරීක්ෂණයකට යොමු කර ඇතැයි වියානා පොලිසිය ප්‍රකාශ කළ බවද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.