ටෙනිස් ලොවේ රැජින ලෙස හඳුන්වන සෙරීනා විලියම්ස් පැරිසියේ සුපිරි හෝටලයකට පැමිණි අවස්ථාවේ දී එම හෝටලේ සේවකයින් විසින් ඇයට ඇතුළුවීම ප්රතික්ෂේප කර තිබෙනවා.ඇය පැරිසියට පැමිණ ඇත්තේ ඔලිම්පික් සමාරම්භක උළෙලේ පහන දැල්වීමට ආරාධනා ලැබීමෙන් බවයි සඳහන් වන්නේ.මෙම සිදුවීම විශාල කතිකාවකට ලක් වී තිබෙනවා.හොටල් කර්ය මණ්ඩලය පවසා ඇත්තේ ඔවුන්ට ඇයව හඳුනා ගැනීමට නොහැකි වූ අතර, එම හෝටලයේ ආසන සියල්ල කලින් වෙන්කර තිබු බවයි.සෙරීනා විලියම්ස් සිය X ගිණුමේ පණිවිඩයක් නිකුත් කරමින් මෙම සිදුවීම පිළිබඳව සිය අප්රසාදය පළකර තිබෙනවා. ඇය පවසන්නේ තමාට සහ දරුවාට එම හෝටලයකට ඇතුළුවීම ඔවුන් වැළක් වූ බවයි.