රැඩිකල් දේශපාලන පක්ෂයක් වන ජමාත්-ඊ-ඉස්ලාමි සංවිධානය මේ වන විට (08) පකිස්ථානයේ රාවල්පින්ඩි හි ආරම්භ කර ඇති විරෝධතා රට පුරා ව්‍යාප්ත කර රටම වසා දමන බවට අනතුරු අඟවා ඇතැයි පාකිස්තාන මාධ්‍ය වාර්තා කරනවා. ස්වාධීන බලශක්ති නිෂ්පාදකයින් (IPPs) සමඟ ඇති ඇතැම් ගිවිසුම් අවලංගු කරන ලෙස හෝ සමාලෝචනය කරන ලෙස බලකරමින් පසුගිය ජූලි මාසයේ මෙම විරෝධතා ආරම්භ වුණා. විරෝධතාකරුවන් පවසන්නේ විදුලි බිල ඉහළ යෑම සෑම ගෘහයකටම බලපෑ ඇති බවයි. ගාස්තු මගින් විදුලියේ සැබෑ පිරිවැය පිළිබිඹු විය යුතු බව ඔවුන් අවධාරණය කරනවා. දෙපාර්ශවය අතර පැවැත්වීමට නියමිතව තිබුණු තුන්වන වටයේ සාකච්ඡා සඳහා රජයේ පාර්ශ්වය සහභාගී වූයේ ද නැහැ. රජය ක්‍රියාමාර්ග නොගන්නේ නම් තම විරෝධතා රට පුරා ව්‍යාප්ත කරන බවට ජමාත්-ඊ-ඉස්ලාමි සංවිධානය රජයට අනතුරු අඟවනවා.