ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ බව මීට ටික වේලාවකට (07) පෙර නිල වශයෙන් දැනුම්දුන්නා.
පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයාගේ නම පක්ෂ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් විසිනුයි ප්රකාශයට පත් කරනු ලැබුවේ. මේ වනවිට (07) බත්තරමුල්ල – නෙළුම් මාවත ශ්රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ පැවැත්වෙන විශේෂ හමුවේ දී මේ බව ප්රකාශ කෙරුණා. මෙම අවස්ථාවට පක්ෂ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ඇතුළු පක්ෂ සාමාජිකයින් රැසක් එක් ව සිටියා.
මේ අතර මීට පෙර පොහොට්ටුව යෝජනා කර තිබුණේ පාර්ලිමේන්තු මන්ත්රී ධම්මික පෙරේරා මහතාව ජනපති සටනට එක් කිරීමටයි. නමුත් මන්ත්රීවරයා විසින් ඊයේ (06) පස්වරුවේ ලිපියක් පක්ෂ මහලේකම් වෙත යොමු කරමින් කියා සිටියේ තමන්ගේ පෞද්ගලික හේතුවක් මත ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බවයි.