ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන නියෝජිතයින්ගේ හමුවක් අද (01) පැවැත්වුණා. ඒ, කොළඹ නෙළුම් මාවතේ පිහිටි පක්ෂ කාර්යලයේදීයී. එහිදි ඉදිරි ජනාධිපතිවරණය සදහා පළාත් පාලන නියෝජිතයින් දායක කරගන්නා ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා.මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේ මහජන එක්සත් පෙරමුණේ ස්ථාවරය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සදහා එහි මධ්‍යම කාරක සභාව අද පස්වරුවේ රැස් වනවා. ඒ පක්ෂ නායක අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන්.