රටේ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත්ව ඇති රනිල් වික්‍රමසිංහ ප්‍රවර්ධනය කිරීමක් සිදු නොවන බව කැබිනට් ප්‍රකාශක, ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (30) අමාත්‍ය මණ්ඩල දැනුම් දීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
එහිදී අමාත්‍යවරයා කියා සිටියේ ජනාධිපති අපේක්ෂකයා අපි නොවන අතර ජනාධිපති අපේක්ෂකයා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පමණක් බවයි.
එමෙන්ම එක්ව ජයගමු වැඩසටහනට ක්‍රියාත්මක කිරීමේදී එහි අවසන් වැඩසටහන හෝමගම පැවැත් වු අතර ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත්ව ඇති රනිල් වික්රමසිංහව ප්‍රවර්ධනය නොවන ආකාරයට කටයුතු කල බවත් එයට මැතිවරණ කොමිෂන් සභාවෙන් අවසර ඉල්ලා සිදු කල බව හෙතෙම පවසා සිටියා.
ජනාධිපති අපේක්ෂක වශයෙන් වත්මන් ජනාධිපතිවරයා භාණ්ඩ බෙදන වැඩසටහන්වලදී ඔහුගේ අතින් බෙදා දීම් සිදු නොකල බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. රටේ සංවර්ධන වැඩසටහන්වලට මේ වන විට වෙන්ව ඇති මුදල් ඒ ඒ කාර්යයන් වලට ලබා දීම සිදු කල යුතු බව කැබිනට් ප්‍රකාශක, ආචාර්ය බන්දුල ගුණවර්ධන වැඩිදුරටත් කියා සිටියා.