2024 ජූලි xx , කොළඹ : ශ්‍රී ලාංකීය ගමනාගමන ක්ෂේත්රයේ තිරසාරත්ව මෙන්ව විප්ලවී වෙනසක් සිදුකරමින්, Sensei Capital Partners, Atman Group සහ Sino Lanka Private Limited යන ආයතන ත්‍රිත්වයේ පුරෝගාමී හවුල්කාරී ව්‍යාපාරයක්ව වන Evolution Auto මගින් සිය පෙරළිකාර විදුලි වාහන (EV) නිෂ්පාදන පෙළ හඳුන්වාදීම පසුගියදා සිදුවිය. මෙමගින් ශ්‍රී ලාංකීය ජනතාවගේ ගමනාගමනයේ සුවිශේෂ පරිවර්තනයක් සිදු කරමින්, පාරිසරික තිරසරභාවය සහ ආර්ථික සංවර්ධන කාර්යයට සහාය වීම මෙම නව විද්‍යුත් ගමනාගගමන විසඳුම් හඳුන්වා දීමේ අරමුණ වේ.
තිරසාර සංචලනයන් වර්ධනය කිරීමේ දැක්ම තුළින් ආරම්භ කරනු ලැබූ Evolution Auto ආයතනය, ලොව ප්‍රකට විද්‍යුත් මොටර් රථ සන්නාම කිහිපයක සමඟ සම්බන්ධව ඇත. මෙම නව EV රථ පෙළ යටතේ ඉහළ විශ්වසනීයත්වය සහ කාර්ය සාධනය සමඟින් මගී සහ භාණ්ඩ ප්‍රවාහනය සඳහා ඉන්දියාවේ වැඩියෙන්ම අළෙවි වන Mahindra Treo ත්‍රිරෝද රථය, අති නවීන තාක්ෂණය සහ උසස් කාර්ය සාධනය ඒකාබද්ධ කරමින් නිපදවනු ලැබූ ඉන්දියාවේ පැරණිතම සහ වඩාත් ස්ථාපිත ඊ ස්කූටරය වන Ather Electric ස්කූටර සහ අසීමාන්තික තිරසාරත්වය සහ බල මිශ්‍රණයක් ලබාදෙන ඉන්දියාවේ වඩාත් ජනප්‍රිය විද්‍යුත් යතුරුපැදි සන්නාමය වන Revolt නිෂ්පාදන ඇතුළත් වේ. තවද මෙම හවුල්කාරිත්වය ඔස්සේ පරිසර හිතකාමි සහ ආර්ථිකම ශක්‍යතාවයකින් හෙබි ඉහළ පෙළේ විදුලි වාහන ශ්‍රී ලංකාවට ප්රවේශවීම සහතික කිරීම ද සුවිශේෂ කරුණකි.
මෙම අවස්ථාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් Evolution Auto හි සාමාන්‍යාධිකාරී සහරාන් මහති මහතා පැවසූයේ, “Evolution Auto හි අපගේ මෙහෙවර වන්නේ පරිසර හිතකාමී විදුලි සංචලනය සැමට ප්‍රවේශ විය හැකි සහ කාර්යක්ෂම කරමින් ශ්‍රී ලංකාවේ තිරසාර ගමනාගමනය සඳහා පුරෝගාමී වීමයි”
Evolution Auto දියත් කිරීම ශ්‍රී ලංකාවේ තිරසාර ප්‍රවාහනය කරා යන ගමනේ වැදගත් සන්ධිස්ථානයකි. දියුණු විදුලි වාහන හඳුන්වා දීමෙන් සහ යටිතල පහසුකම් සඳහා සහාය දීමෙන්, ජාතික කාබන් ජාතියේ කාබන් පියසටහන අඩු කර හරිත අනාගතයක් පෝෂණය කිරීම සමාගම අරමුණු කරයි. මෙම දැක්මට අනුකූලව, අනාගතයේදී මගී සහ වාණිජ භාවිතය සඳහා අමතර EV හවුල්කාරිත්වයක් ඇති කිරීමට සමාගම සැලසුම් කරයි.