වසර 22කට වඩා වාණිජ වන වගාවේ අත්දැකීම් බහුල, අගාවුඩ් ඇතුළු නැවුම් හරිත ආයෝජන සැලසුම් ශ්‍රී ලංකාවට හදුන්වා දුන් අංක එකේ සන්නාමය, Sadaharitha Plantations Limited (සදාහරිත) සමාගම, ඉතා වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මැලේසියාවේ අගාවුඩ් වගාකරන සමාගම් සමඟ පසුගියදා තාක්ෂණීක හවුල්කාරීත්වයකට එළැඹිණි. ඒ, අගාවුඩ් ශාකයේ අස්වැන්න වැඩිකර ගැනීමට යොදාගන්නා “SP Tech” තාක්ෂණය බෙදා ගැනීමට සහ අලෙවිය සඳහා ය. වසර ගණනාවක් පුරා සිදු කරන ලද දැඩි පර්යේෂණ ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙස දියුණු කරන ලද මෙම තාක්ෂණය, ස්වභාවික අමුද්‍රව්‍ය භාවිතයෙන් අගාවුඩ් ශාකවල ඵලදාව ඉහළ නැංවීම සඳහා නිර්මාණය කරනු ලැබුවකි. මෙම ගිවිසුමට අනුව ආරම්භයේ දී, වාර්ෂිකව අගාවුඩ් ශාක මිලියනයක් මෙම තාක්ෂණය භාවිතයෙන් එන්නත්කරණය (ආමුකූලනය) සිදුකරනු ලබන අතර, එයට සමගාමීව මැලේසියාවේ ප්රාන්තයන් තුනක නව අගාවුඩ් නිෂ්පාදන කර්මාන්තශාලා ආරම්භ කිරීමට ද කටයුතු කරමින් තිබේ.
සදාහරිත සමාගමට පමණක් නොව ශ්‍රී ලංකාවේ වාණිජ වන වගා ක්ෂේත්රයේ ද විශාල ජයග්‍රහණයක් සනිටුහන් කරමින් මෙම ගිවිසුමට 2024 ජුනි 26 වැනි දින මැලේසියාවේදී අත්සන් තබන ලදී. ඒ අනුව, වර්ෂ 2028 වනවිට මෙම ගිවිසුමේ ප්‍රතිඵලයක් ලෙස ලෝකයේ වර්ධනය වෙමින් පවතින අගාවුඩ් තෙල් ඉල්ලුමෙන් 30% දක්වා සපුරාලීමට අපේක්ෂා කෙරේ.
මෙම උපායමාර්ගික හවුල්කාරිත්වය, ජාත්‍යන්තර හවුල්කරුවන් සදාහරිත කෙරෙහි තබා ඇති විශ්වාසය පිළිබඳව තහවුරු කිරීමක් වන අතරම, අගාවුඩ් කර්මාන්තයේ පුරෝගාමියෙකු ලෙස සමාගම ලද සුවිශේෂී ජයග්‍රහණයකි. සදාහරිත සමාගමේ මෙම නව “SP Tech” තාක්ෂණය මගින් අගාවුඩ් අස්වැන්න වැඩි කිරීමක් වන අතර උසස් තත්ත්වයේ අගාවුඩ් නිෂ්පාදන සඳහා වන ගෝලීය ඉල්ලුම සපුරාලීමටද මහගු පිටිවහලක් සපයන බව ද මෙහිදී පෙන්වා දිය හැකිය. මෙම ජයග්‍රහණය සමාගමේ තිරසාර වාණිජ වන වගා භාවිතයන් සහ හරිත ආයෝජන සඳහා වන දිගුකාලීන කැපවීම් වල ප්‍රතිඵලයක් වන අතර, දැනට ශ්‍රී ලංකාවේ අගාවුඩ් ශාක මිලියනයකට වඩා රෝපණය කර දේශීය සහ විදේශීය පාරිභෝගිකයින් 47,000 කට වැඩි ප්‍රමාණයකට සදාහරිත සමාගම සිය සේවාව සපයා දී තිබේ.
මෙම සුවිශේෂී ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් සදාහරිත සමූහ ව්‍යාපාරයේ සභාපති සතිස් නවරත්න මහතා පැවසුවේ; තාක්ෂණ අපනයනය සහ විශේෂඥ දැනුම හුවමාරු කර ගැනීම ඔස්සේ මැලේසියානු වෙලඳපොළ වෙත අපගේ ව්‍යාපාරයන් ව්‍යාප්ත කිරීමට ලැබීම මගින් පාරිසරික කළමනාකාරීත්වය සඳහා වූ අපගේ කැපවීම පිළිබිඹු වේ. එමෙන්ම අපගේ දේශීය තාක්ෂණය සහ ශිල්පීය ක්‍රම ලොවට අපනයනය කිරීමෙන් සදාහරිත අපි අපගේ ගෝලීය පියසටහන වැඩිදියුණු කිරීමට සමත්ව ඇති අතර, ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගෙන ඒමට මෙන්ම නව රැකියා 3000ක් උත්පානදය සඳහා ද දායක වී තිබේ. තවදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසූවේ; සදාහරිත සමූහ ව්‍යාපාරය කෙරෙහි ලෝකය තබා ඇති විශ්වාසය හා මැලේසියාව සමඟ ඇති කරගත් මෙම හවුල්කාරිත්වය, වාණිජ වන වගා කර්මාන්ත ඉතිහාසයේ ඇතිකරගත් විශාලතම සහයෝගීතාවය වන බවත් ය.
ලබාගත් මෙම ජයග්‍රහණය, තිරසාර වාණිජ වන වගාව තුළින් හරිත ආයෝජන ප්‍රවර්ධනය කරන අතරම, නවතම පර්යේෂණ හා සංවර්ධන සමඟින් ඉදිරියට යාමක් මෙන්ම, වාණිජ වන වගාව දියුණුව කරා ගෙන යාමට සදාහරිත ව්‍යාපාරයට ඇති දැක්ම පිළිබඳව පැහැදිලි පිළිබිඹුවක් ද වෙයි. සමාගමේ මෙම ප්රයත්නය මගින් අගාවුඩ්, මහෝගනී, සඳුන්, තේක්ක සහ වැනිලා ශාක ගෝලීය වෙලඳපොල සඳහා තිරසාර ප්‍රභවයන් ලෙස නිර්මාණය කිරීමට හැකිවී ඇති අතර, එමගින් සිදුවෙමින් පවතින වන විනාශය සහ ස්වභාවික පරිසර පද්ධති අස්ථාවර වීම අවම කිරීමට ද හැකියාව ලැබුණි.