මෙරට පරිසර සංරක්ෂණය වෙනුවෙන් ඇප කැපවී සිටින සම්පත් බැංකුව, රැකව කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයේ පර්යේෂණ කටයුතු සඳහා වන අංග සම්පූර්ණ කඳවුරු භූමියක් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට (DWC) පසුගියදා භාර දීමට කටයුතු කළේ ය. මෙම වටිනා මුලපිරීම සම්පත් බැංකුව මගින් සිදු කරන කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතියේ තවත් එක් සන්ධිස්ථානයක් සනිටුහන් කරන අතර, එය ‘සයුරට හුස්මක්’ යන ආයතනික තිරසාර වගකීම් වැඩසහටහනේ ප්‍රධාන අංගයක් ද වේ.
2024 ජුනි 16 වන දින ලෝක මුහුදු කැස්බෑ දිනයට සමගාමීව සියලු පහසුකම් සහිතව පිහිටුවන ලද මෙය, දෙස් විදෙස් සංචාරකයින් සඳහා අධ්‍යාපනික පර්යේෂණ මධ්‍යස්ථානයක් ලෙස සේවාව ලබා දීමට අවශ්‍ය පහසුකම් සපයයි. තවද නරඹන්නන්ගේ සිත් ඇදගන්නා සුළු මට්ටමින් මුහුදු කැස්බෑවන්ගේ ලෝකය මෙහිදී ගවේෂණය කළ හැකි වන අතර, මෙම විශ්මිත ජීවින් පිළිබඳ වැඩිදුර අවබෝධයක් සහ මනා ඇගයීමක් ද ලබා දෙයි. සිය සම්පත් දායකත්වය තුළින් සමුද්‍ර ලෝලීන් අතර ගැඹුරු අධ්‍යනයක් හා ආකර්ෂණයක් ඇති කොට සංරක්ෂණ ප්රයත්නයන් පුළුල් කර ගැනීම මෙම පර්යේෂණ මධ්‍යස්ථානයේ සහ කඳවුරු භුමියේ අරමුණ වී ඇත.
මෙම සමාරම්භක අවස්ථාවට එක්වෙමින් සම්පත් බැංකුවේ ප්‍රධාන මානව සම්පත් නිලධාරී ආචාර්ය ලලිත් වේරගොඩ මහතා මෙසේ පැවසීය. “මෙම ව්‍යාපෘතිය පරිසර සංරක්ෂණය සහ සාගර ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් අප දක්වන නොසැලෙන කැපවීම මෙම ව්‍යාපෘතිය තුළින් මනාව අවධාරණය කෙරෙනවා. රැකව කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානය වැඩිදියුණු කිරීම ඔස්සේ අප වඳවී යාමේ තර්ජනයට මුහුණ පා සිටින මුහුදු කැස්බෑවන් සංරක්ෂණයට උපකාරී වනවා පමණක් නොව සංරක්ෂණ ප්‍රයත්නවල සක්‍රීය කොටස්කරුවන් වශයෙන් මෙහි පැමිණෙන සංචාරකයින් සහ සෙසු ප්‍රජාව බල ගැන්වීමට කටයුතු කරනවා”
මෙකී පර්යේෂණ මධ්‍යස්ථානය මුහුදු කැස්බෑවන්ගේ පැවැත්ම සඳහා තීරණාත්මක වන විද්‍යාත්මක අධ්‍යයනයන් සහ සංරක්ෂණ උපාය මාර්ගයන් සඳහා සහාය වනු ඇත. තවද මෙමගින් මෙම ප්‍රදේශයට පැමිණෙන පිරිස් හට පෙර නොවූ විරූ අත්දැකීමක් ද සමඟින් කැස්බෑවුන්ගේ ජීවන චක්‍රය සමීපව දැක බලා ගැනීමට මෙම කඳවුර අද්වීතිය අවස්ථාවක් සලසා දී තිබේ.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ සම්පත් බැංකුවේ හවුල්කාරීත්වය, වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති මුහුදු කැස්බෑ විශේෂ පහක් සංරක්ෂණය කිරීමට උපකාරී වී ඇත. මෙම සහයෝගී උත්සාහයන් තුළින් ප්‍රදේශයේ පාරිසරික සංචාරක ව්‍යාපාරයට සහ පාරිසරික සමතුලිතතාවයට මහත් දායකත්වයක් ලබා දෙනු ලබයි. සම්පත් බැංකුවේ මෙම පරිපූර්ණ එළැඹුම තුළින් ප්‍රජා සහභාගීත්වය, විද්‍යාත්මක පර්යේෂණ සහ තිරසාර සංචාරක ව්‍යාපාරය ඇතුළත් වන අතර එමඟින් කැස්බෑ සංරක්ෂණය සඳහා බහුවිධ බලපෑමක් සහතික වේ.
2023 වසරේ දෙසැම්බරයේ දෙදිනක් පුරා පැවති සංරක්ෂණ වැඩසටහන වැනි අතීත මුලපිරීම් සම්පත් බැංකුවේ කැපවීම ඉස්මතු කරනු ලැබීය. සමුද්‍ර විශේෂඥයින්ගේ ප්‍රධාන දේශනයන්, කැස්බෑ සංරක්ෂණයේ වැදගත්කම පිළිබඳ අන්තර්ක්‍රියාකාරී සැසිවාරයන්, කෑස්බෑ කැදලි නිරීක්ෂණය සඳහා වූ රාත්‍රි සංචාරයන් වැනි අත්දැකීම් ඔස්සේ සංරක්ෂණ සංස්කෘතියක් පෝෂණය කිරීමට දායක වී තිබේ.
මෙවැනි ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීම තුළින් සම්පත් බැංකුවේ පාරිසරික තිරසරභාවය පුළුල් කිරීමේ අඛණ්ඩ මෙහෙවර මනාව කැපී පෙනේ. අධ්‍යාපනික සහ පර්යේෂණ ක්‍රමවේද නිර්මාණය කිරීම මගින් සාගර පරිසර පද්ධති වර්ධනය වන අතර, වඳවී යාමේ තර්ජනයට මුහුණ පා ඇති විශේෂයන් රැකගන්නා මතු දිනයක් නිර්මාණය කිරීම සඳහා බැංකුව මනා පිටිවහලක් සපයයි. සොබාදහම සුරැකීමේ පෙරගමන්කරුවකු ලෙස සම්පත් බැංකුවේ මෙම කාර්යයභාර්යය, සාගර සමතුලිතාවය අනාගත පරපුර වෙත සුරක්ෂිතව දායාද කිරීමට කැපවූ මහඟු අවස්ථාවක් ලෙස විදහාපානු ලබයි.