DFCC බැංකුව කාන්තාවන් වෙනුවෙන්ම හඳුන්වා දී ඇති විශේෂ සේවාවක් වන DFCC ආලෝකා, මෙරට සෞඛ්‍ය සේවයෙහි සිටින කාන්තාවන් ඇගයීම සඳහා මහනුවර මහ රෝහලේදී සුවිශේෂී වැඩසටහනක් පැවැත්වීමට පසුගියදා කටයුතු කළේ ය. මෙම වැඩසටහනට විශේෂ ක්‍රියාකාරකම් සහ සංවාදමය වැඩසටහන් පෙළක් ඇතුළත් වී තිබුණු අතර, සමාජයේ නිරෝගී බව හා යහපැවැත්ම වෙනුවෙන් කාන්තාවන් විසින් ඉටුකරනු ලබන සුවිශේෂී කාර්යභාරයේ වැදගත්කමද මෙහිදී අවධාරණය කෙරිණි.
මෙහිදී අදහස් දැක්වූ DFCC බැංකුවේ Pinnacle සේවා/ශාඛා බැංකුකරණ සැලසුම් සහ ක්‍රියාත්මක කිරීම් ප්‍රධානී ශේරා හසන් මහත්මිය, DFCC ආලෝකා මගින් හෙදියන් වෙනුවෙන් ඉටුකරනු ලබන මෙහෙවර පැහැදිලි කළා ය. මේ වනවිට මෙරට හෙදියන්ට රැකියා සඳහා වැදගත් වන කුසලතා වර්ධනය කරගැනීමට උපකාරී වන වැඩමුළු හා පුහුණු වැඩසටහන් සංවිධානය කිරීමට DFCC බැංකුව පියවර ගෙන ඇති අතර, මෙම වැඩසටහන් මගින් ඩිජිටල් සාක්ෂරතාව, නායකත්ව සංවර්ධනය සහ සන්නිවේදන කුසලතා ඇතුළු මාතෘකා රැසක් ආවරණය කරනු ලබයි. එමෙන්ම සිය ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන් මැනැවින් වටහා ගනිමින්, එම අවශ්‍යතාවන්ට හොඳින්ම ගැළපෙන විසඳුම් හා සේවාවන් හඳුන්වා දීමට DFCC බැංකුව සෑම විටම කටයුතු කර ඇති බවද ශේරා හසන් මහත්මිය මෙහිදී අවධාරණය කළා ය.
පරිපූර්ණ බැංකුකරණ විසඳුමක් වන DFCC ආලෝකා, සියලු තරාතිරම්වලට සහ ආදායම් මට්ටම්වලට අයත් කාන්තාවන්ට සහ ඔවුන්ගේ විවිධාකාර වූ අවශ්‍යතාවන්ට ගැළපෙන සේවාවන් රාශියක් හඳුන්වා දී තිබේ. ශිෂ්‍යාවන්, රැකියාවන්හි නියැළෙන කාන්තාවන්, ව්‍යවසායිකාවන් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි කාන්තාවන් ඇතුළු සියලුම කාණ්ඩවලට අයත් කාන්තාවන් මුහුණ දෙන විශේෂ වූ අභියෝග හඳුනාගෙන, එම අභියෝග ජයගැනීමට අත්වැලක් වන පරිදි සහ, ඔවුන්ගේ ජීවිතයන්හි විවිධ අවධිවලදී පැනනගින විවිධාකාර වූ අවශ්‍යතාවන් සහ ජීවන රටා අපේක්ෂාවන් මනාව සපිරෙන පරිදි DFCC ආලෝකා සේවාවන් එකතුව සැලසුම් කර ඇත.