20යි 20 ලෝක කුසලාන තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ඇෆ්ගනිස්තානය අතර අද (18) නිමාවූ තරගය ලකුණු 104කින් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය.
ශාන්ත ලුසියා හි “ග්රෝ අයිලේ” හි පැවති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කොදෙව් ක්රීඩකයෝ සිය පන්දු ඕවර 20දී කඩුලු 5ක් දැවී ලකුණු 218ක් රැස්කළහ.
එහිදී නිකලස් පූරාන් ප්රවේගවත් පිතිහරඹයක නිරත වෙමින් පන්දු 53කදී ලකුණු 98ක් රැස්කළේය. ඊට 4 පහර 6ක් සහ 6 පහර 8ක් ඇතුළත් විය.
ඊට පිළිතුරු ලෙස ඇෆ්ගනිස්තාන කණ්ඩායමට රැස්කර ගත හැකි වූයේ සියලු දෙනා දැවී ලකුණු 114ක් පමණි.
පන්දු යැවීමෙන් ඔබෙඩ් මැකොයි ලකුණු 14කට කඩුලු 3යි.
මෙම ජයග්රහණයත් සමග C කාණ්ඩයේ තම තරග 4ම දිනා ගැනීමට සම සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය.
ඒ අනුව එම කාණ්ඩයෙන් බ ඉ කො කණ්ඩායම සහ ඇෆ්ගනිස්තානය සුපර් 8 වටයට සුදුසුකම් ලැබීය.