ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon සෑම වසරකම ජුනි මාසයේ දියත් කරන ‘Wellness Month’ වෙනුවෙන් Shangri-La Colombo සමඟ මේ වසරේත් එක්ව කටයුතු කරන්නට තීරණය කර තිබෙනවා. ජුනි මාසය පුරාවට යෙදී ඇති ලෝක සාගර දිනය, පරිසර දිනය, ගෝලීය සුවතා දිනය, ජාත්‍යන්තර යෝගා දිනය වැනි සුවිශේෂී දින ආශ්‍රය කරගෙන මෙම වැඩසටහන් සංවිධානය කිරීමට Spa Ceylon සැලසුම් කර තිබෙනවා.
‘Wellness Month 2024’හි ආරම්භය සනිටුහන් කිරීම වෙනුවෙන් පසුගිය ජුනි 07 වනදා Spa Ceylon සහ Shangri-La Colombo එක්ව එම හෝටල් පරිශ්‍රයේ දී මාධ්‍ය හමුවක් පැවැත් වූ අතර ඒ වෙනුවෙන් Spa Ceylon හි සම නිර්මාතෘ සහ කළමණාකාර අධ්යක්ෂ ශිවන්ත ඩයස්, Spa Ceylon හි සම – නිර්මාතෘ සහ අධ්යක්ෂ ශලින් බාලසූරිය මෙන් ම Shangri-La Colombo හි සාමාන්‍යාධිකාරී හර්ව් ඩුබොස්ක් (Herve Duboscq), Shangri-La Colombo සහ Shangri-La Hambantota හි විකුණුම් සහ අලෙවි අධ්යක්ෂ සහර්ෂ් වධේරා (Saharsh Vadhera) යන මහත්වරුන්ගේ සහභාගීත්වයත් සිදු වුණා.
මෙහිදී Spa Ceylonහි සම – නිර්මාතෘ සහ අධ්යක්ෂ ශලින් බාලසූරිය සිය අදහස් දක්වමින් පැවසූවේ “ලොව වගකිව යුතු wellness brand එකක් විදියට, අපි විශ්වාස කරන්නේ Wellness කියන්නේ ලුහුබැඳීමක් නොව ජීවිතයේ එක් කොටසක් විදියටයි. Workplace wellness එහෙම නැත්නම් සේවා ස්ථානවල සුවතාවය ගැන මේ වසරේ අපි වැඩි අවධානයක් දෙන්නට හිතාගෙන ඉන්නවා. ඒ වෙනුවෙන් ආයතනවල වැඩ කරන පිරිස අතර දැනුවත්භාවය ගොඩනැගීමට සහ සේවා ස්ථානවල මේ වෙනුවෙන් වැඩසටහන් ස්ථාපිත කිරීමට අපි වසර පුරා විවිධ ආයතන සමඟ වැඩ කරමින් සිටිනවා” තවදුරටත් අදහස් දැක්වූ ඔහු මෙලෙස ප්‍රකාශ කළා. “මේ වේගයෙන් දුවන ලෝකයේ, අද වෙද්දි මිනිසුන් නිරන්තරයෙන් විවිධ දේවල් නිසා බැට කනවා. ඉතින් ඒ වෙනුවෙන් අපේ මේ වසර 5000ක් පැරණි ආයුර්වේද විද්‍යා දැනුමෙන් පරිපූර්ණ වුණු Wellness Practices, මනස සහ ශරීරය ලිහිල් කරන්නට, ප්‍රබෝධමත් කරන්නට වගේම දෛනික ජීවන රටාවේ ව්‍යාකූලත්වයෙන් මිදෙන්නටත් උදව් වනවා”
රැස්ව සිටි පිටිස අමතමින් Spa Ceylonහි සම නිර්මාතෘ සහ කළමණාකාර අධ්යක්ෂ ශිවන්ත ඩයස් පැවසූවේ, “’Wellness Month’, අපි දැනට ඉදිරියට පවත්වාගෙන ලොව පුරා රැගෙන යන අපේ Wellness සවාරියත් සමඟ හොඳින් සමපාත වනවා. එහිදී අපි අපේ සුවතා පිළිවෙත් වගේම අපේ සම්මානලාභී නිෂ්පාදන පෙළ ඒකාබද්ධ කරමින් බහු සංවේදී ක්‍රියාකාරකම් ඔස්සේ ලෝකය පුරා මෙය ව්‍යාප්ත කරන්නට කටයුතු කරමින් සිටිනවා. Spa Ceylon, අන්තර්ජාතික වශයෙන් ලන්ඩනයෙන් ආරම්භව මේ වනවිට චෙක් ජනරජය, මාලදිවයින සහ මොරිෂස් දක්වා අපට රැගෙන යාමට හැකිව තිබෙනවා. එහි මීළඟ අදියර විදියට ඕස්ට්‍රේලියාව, ආසියාව සහ උතුරු ඇමරිකාව යන කලාපයන්ට රැගෙන යාමට පෙර යුරෝපයේ ව්‍යාප්ත කිරීම අපේ අදහසයි” ලෙසයි.
‘The Journey of Wellness in Motion: Entwined and Evolving Through Time’ තේමාව යටතේ ක්‍රියාත්මක වන ‘Wellness Month’ සංකල්පය තුළ එදිනෙදා ජීවිතය හා බැදුණු සුවතා ක්‍රියාකාරම් විඳහා දක්වන අතරම දෛනික ජීවන රටාවේ යහපැවැත්ම සඳහා ශක්තිය, සචලතාව හා සුවයක් ලැබීම වැනි විවිධ පැතිකඩ බලපාන බව හඳුන්වා දෙනවා. මේ වසරේ පැවැත්වීමට නියමිත මෙම සුවිශේෂී Wellness Events මාලාවට; Peace Grounding Ritual, Ocean Ritual සහ Forest Bathing Ritual යන Events වෙනත් ස්ථානවලදීත්, De-Stress Art Therapy, Sunrise Yoga, Sleep Therapy සහ Multi-Sensory Dining Experiences Shangri-La Colombo හෝටල් පරිශ්‍රයේ දී පවත්වන්නට නියමිතව තිබෙනවා.
Spa Ceylon සහ Shangri La Colombo හවුල්කාරිත්වයෙන් ස්වභාවධර්මයේ සුන්දරත්වය, සන්සුන්බව උපයෝගී කරගනිමින් ගත, සිත, මනස අතර ඇති මනා සම්බන්ධතාවය හා බැදුණු අද්විතීය, බහු-සංවේදික සුවතා අත්දැකීම් මාලාවක් පිරිනැමෙන අතර, ඉහත කී සියළුම සාධකවලින් සමන්විත සුඛෝපභෝගී වටපිටාවක් සහිත Shangri La හෝටල් පරිශ්‍රය මීට කදිම පසුබිමක් සපයා දෙනවා.
Spa Ceylon සමඟ ඇති කරගත් මෙම සහයෝගීතාව පිළිබඳව අදහස් දැක්වූ Shangri-La Colomboහි සාමාන්‍යාධිකාරී හර්ව් ඩුබොස්ක් (Herve Duboscq) පැවසූවේ, “Spa Ceylon සමඟ සහයෝගීතාවෙන් කොළඹ Shangri-La Colomboහි ‘Wellness Month’ වැඩසටහන් මාලාවේ ආරම්භය නිවේදනය කිරීමට හැකි වීම ගැන අපි සතුටු වෙනවා. මෙම හවුල්කාරිත්වය ඔස්සේ ශ්‍රී ලංකා සංස්කෘතික උරුමය තුළ මුල් බැසගත් සුවතාවය සමඟ බැඳුණු සුවතා ප්‍රවර්ධනය සඳහා අපේ ද්වීපාර්ෂීය කැපවීම මනාවට පිළිඹිබු වනවා වගේම පුනර්ජීවනය සහ යහපැවැත්ම සඳහාම වූ විවිධාකාර ක්‍රියාකාරකම් හා අත්දැකීම් රැසක් සඳහා අවස්ථාවන් නිර්මාණය කිරීම Shangri La අපේ අරමුණයි” ලෙසයි.
මේ ගැන අදහස් දැක්වූ Shangri-La Colombo සහ Shangri-La Hambantota හි විකුණුම් සහ අලෙවි අධ්යක්ෂ සහර්ෂ් වධේරා (Saharsh Vadhera) ප්‍රකාශ කළේ, “‘Wellness Month’ වෙනුවෙන් Spa Ceylon සමඟ සහයෝගීතාවෙන් වැඩ කටයුතු කිරීමට හැකි වීම ගැන අපි සතුටු වෙනවා. අපේ අමුත්තන්ගේ විවිධ අවශ්‍යතා සපුරාලන සුවිශේෂී සුවතා අත්දැකීම් පිරිනැමීමට අපගේ කැපවීම මෙම සහයෝගීතාවයෙන් පෙන්වා දෙනවා. De-Stress Art Therapy Sessionsවල සිට Multi-Sensory Dining Experiences දක්වාම සියලුම Events ගත, සිත, මනසේ යහපැවැත්ම වැඩි දියුණු කරන්නට ඉතා සූක්ෂම ලෙස නිර්මාණය කර තිබෙනවා. මේ මුල පිරීම අපේ රට සංචාරක ව්‍යාපාරයේ ප්රමුඛ ගමනාන්තයක් ලෙස ස්ථානගත කිරීමේ දී වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව මගේ විශ්වාසයයි.