සමගි ජන සන්ධානය පිහිටුවීමට අදාළ පළමු අදියර අද (05) ක්‍රියාත්මක වෙයි.
ඒ අනුව සමගි ජන බලවේගය සහ නිදහස ජනතා සභාවේ කණ්ඩායමක් අතර අවබෝධතා ගිවිසුමකට එළඹෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම් මරික්කාර් මහතා පැවසීය.
මාස කිහිපයක පැවැති සාකච්ඡා මත එළඹෙන මැතිවරණය සහ ප්‍රතිපත්තිමය කරුණු මූලික කරගනිමින් එම එකඟතාවට එළඹීමට නියමිතය.
ඒ අනුව මහාචාර්ය ජී.එල් පිරිස්, ඩිලාන් පෙරේරා, ආචාර්ය නාලක ගොඩහේවා, කේ.පී කුමාරසිරි, වෛද්‍ය උපුල් ගලප්පත්ති සහ වසන්ත යාපා බණ්ඩාර යන මන්ත්‍රීවරුන් සමගි ජන සන්ධානයට එක්වීමට නියමිතය.
කෙසේවුවද ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ නව සන්ධානය පිළිබඳ තමන් වෙත කිසිදු දැනුවත් කිරීමක් සිදුකර නොමැති බවය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත් වූ පිරිසක් නිදහස ජනතා සභාව නමින් පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කිරීමට මීට පෙර තීරණය කර තිබුණි.