ශ්‍රී ලංකාවේ සූර්ය බලශක්ති කර්මාන්තයේ සැබෑ වෙනසක් ඇති කිරීමේ පුරෝගාමියා වූ ඊ.බී ක්‍රීසි සහ සමාගම, පාරිසරික කළමනාකාරීත්වය සහ තාක්ෂණික නවෝත්පාදනයන් සමඟින් තිරසාර සංවර්ධනයක් අපේක්ෂා කරන වැඩපිළිවෙළ තුළ සිය කැපවීම යළිත් වරක් පෙන්නුම් කර තිබේ. ඒ අනුව UNDP මූලික අනුග්‍රහය යටතේ ඊ.බී ක්‍රීසි Solar විසින් නිකවැරටිය ප්‍රදේශයේ සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන අති නවීන ජර්මානු Lorentz මාදිලියේ ජල පොම්ප භාවිත කරමින් විශේෂ ව්‍යාපෘතියක් පසුගියදා නිමාවට පත් කරනු ලැබීය.
කෘෂි වාරි කටයුතු අවශ්‍යතාවය අනුව ජලය බෙදා හැරීමේදී ප්‍රායෝගික වෙනසක් සිදු කරන මෙම දැවැන්ත ව්‍යාපෘතිය තුළින් දිනකට ජලය ලීටර මිලියනයක් පොම්ප කිරීමට සමත් වන අතර ඒ සඳහා ඉන්ධන හෝ ජාලක විදුලිය භාවිතයකින් තොරව මුළුමණින්ම සූර්ය බලයෙන් පමණක් ක්‍රියාත්මක වීම සුවිශේෂී වේ.
මේ අනුව මෙරට ප්‍රධාන කෘෂිකාර්මික කලාපයක් වන නිකවැරටිය ප්‍රදේශයේ ජල හිඟතාවයෙන් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින ගොවියන්ගේ ජන ජීවිතයේ සැලකිය යුතු පරිවර්තනයක් ඇති කිරීමට මෙම ව්‍යාපෘතිය පිටිවහලක් වේ. තිරසර කෘෂිකර්මාන්තයක් වෙනුවෙන් යන ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන මෙකී ක්‍රියාදමය අදාළ ග්‍රාමයේ ගොවීන් හට කිසිදු බාධාවකින් තොරව ජලය සැපයීම අරමුණු කර ගනියි. එමෙන්ම සූර්ය බලය ආශ්රයෙන් ඊ.බී ක්‍රීසි Solar සහ UNDP විසින් ක්‍රියාත්මක කරන වැඩසටහන ඔස්සේ මෙම කලාපයේ තිරසාර සමෘද්ධිමත් භාවය හා පරිසර හිතකාමී කෘෂිකාර්මික භාවිතයන් ප්‍රවර්ධනය කිරීමට ද ඉවහල් වේ.
තවද, ඊ.බී ක්‍රීසි Solar සහ UNDP විසින් දියත් කරන මෙම ව්‍යාපෘතියේ මූලික පරමාර්ථයෙන් ඔබ්බට ගොසින් ගොවීන්ට කිසිදු වියදමකින් තොරව තාක්ෂණික සහාය සහ නඩත්තු සේවාවන් ලබා දීමට පොරොන්දු වී තිබීම කැපී පෙනේ. මෙම මහඟු කර්තව්‍ය මඟින් ව්‍යාපෘතියේ දීර්ඝකාලීන සාර්ථකත්වය මෙන්ම තිරසාරත්වය සහතික කරමින් ඊ.බී ක්‍රීසි Solar, ප්‍රජා සේවය සඳහා වූ දක්වන ආයතනික සමාජ වගකීම පිළිබඳ කැපවීම මනාව අවධාරණය කරයි.
ශ්‍රී ලංකාව පුරා පිහිටි අනෙකුත් නිෂ්පාදන පහසුකම්, ව්‍යාපාර සහ නිවාස රැසකට සියුම් බලශක්ති විසඳුම් පහසුකම් ලබා දීමේදී ඊ.බී ක්‍රීසි Solar සමාගමේ ඉංජිනේරු කාර්ය මණ්ඩලය සතු විශේෂඥ දැනුම හා කැපවීම පිළිබිඹු කර තිබේ. මානව අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි සමාගම, නව්‍ය විසදුම් ලබා දී ඇති ආකාරය මෙම සෑම ව්‍යාපෘතියක් තුළින්ම මනාව ප්‍රදර්ශනය කරනු ඇත.
ඊ.බී ක්‍රීසි Solar හි විශිෂ්ටත්වය, නවෝත්පාදනය මෙන්ම තිරසරභාවය පිළිබඳ අඛණ්ඩ කැපවීම හේතුවෙන් පුනර්ජනනීය බලශක්ති අංශයේ ප්‍රමුඛයා ලෙස ස්ථාපිත වී තිබේ. සමාගමේ ඉංජිනේරු විද්‍යාව පිළිබදව තිබෙන විශේෂඥතාවය මෙන්ම ආරක්ෂාව සහ පාරිසරික සංවේදීතාව සඳහා වූ කැපවීම තම ගනුදෙනුකරුවන්ට මුල්‍ය ඉතුරුමක් සේ ලබා දෙනවා පමණක් නොව පිරිසිදු හා තිරසාර අනාගතයක් කරා යන මාවත සකසා දෙනු ලබයි.
සූර්යයාගේ අසීමිත ශක්තියෙන් බල ගැන්වෙන ඊ.බී ක්‍රීසි Solar සමඟ එක්ව දීප්තිමත් සහ තිරසාර ශ්‍රී ලංකාවක් කරා ගමන් කරමු. වැඩි විස්තර දැනගැනීම සඳහා 077 440 7040 අංකයෙන් එක්සත් හෝ ජයන්ත 077 777 2253 අමතන්න. නැතහොත් www.ebcreasysolar.lk වෙත පිවිස, [email protected] වෙත විද්‍යුත් තැපෑලක් යොමු කරන්න. එසේත් නොමැති නම් අංක 98, ශ්‍රී සංඝරාජ මාවත, කොළඹ 10 පිහිටි E B Creasy Solar හි ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න.