කැනඩාවේ ඔටාවා නුවර දී එකම පවුලේ මව, දරුවන් සිව්දෙනා ඇතුළු හය දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් වාර්තා වෙයි. මෙලෙස නිවස තුළදී ම ඝාතනය වී ඇති එම පවුල ශ්‍රී ලාංකික පවුලක් වන බව මේ වනවිට අනාවරණය වී ඇති අතර මෙම පවුලේ පියා ලෙස සැලකෙන වික්‍රමසිංහ යන අය බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇති බවද ඔටාවා පොලීසිය සඳහන් කරයි.
මේ ඝාතන මාලවට සැකපිට ෆ්රෑන්ක් ද සිල්වා නමින් හැදින්වෙන 19 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයෙකු ඔටාවා පොලීස් අත්අඩංගුවට පත්ව ඇති අතර ඔහු ලබන 14 වනදා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔහුට මේ වනවිට මිනීමැරීම සහ මිනීමැරීමට තැත් කිරීම යන චෝදනා එල්ල වී ඇති බවයි. මෙම ඝාතනයන්ට හේතුව තවමත් හෙළිවී නොමැත.
මෙම සමූල ඝාතනය ඔටාවා අගනුවර සිදුවූ දරුණුම ඛේදවාඡකයක් බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙයි.
මේ පිළිබඳව අදහස් දක්වමින් එරට ජනපති ජස්ටින් ටෲඩෝ මියගිය පවුලේ ඥාතීන්ට සිය කනස්සල්ලද පළ කර තිබුණි.