ඉන්දියාවේ ගුජරාට්යේ ජාම්නගර්හි හි අම්බානි පවුලේ සත්කාරකත්වයෙන් සිදුකරන ලද අපේ කාලයේ වඩාත්ම උත්කර්ෂවත් පූර්ව – විවාහ මංගල උත්සවයට ආහාර සපයන්නෙකු ලෙස තේරී පත්වීමේ ගෞරවය Citrus සමූහයෙ හි කොටසක් වන Ceylon Curry Club හට හිමි විය. Citrus සමූහයෙහි සාමාජිකයින් 13 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එහිදී ශ්රී ලාංකීය ආහාර මෙනුවකට අනුව එක් දිවා ආහාර සේවාවක් සැපයීමට මුලින් සැලසුම් කර තිබුණි. නමුත් Ceylon Curry Club කණ්ඩායමට පිට පිට දෙවැනි දිනටත් ඔවුන් හට ආහාර පාන ලබා දෙන ලෙස ඉල්ලා සිටීම ගැන ඔවුන් පුදුමයට පත් විය. කුමුදු ජයතිලක සහ සූපවේදී පණ්ඩුක පෙරේරා ප්රමුඛ කණ්ඩායම ඉවුම් පිහුම් කටයුතුවල සිට ප්ලේටින් කිරීම සහ ඉදිරිපත් කිරීම දක්වා සෑම අංශයකින්ම තම ලැදියාව සහ වෘත්තීයමයභාවය පෙන්නුම් කළහ. කීර්තිමත් පුද්ගලයින් සහ ගෝලීය ව්යාපාරික නායකයින් ඇතුළු තරු පිරුණු ආරාධිත ලැයිස්තුවකින් සැදුම්ලත් මෙවන් කීර්තිමත් සහ කා අතරත් කතාබහට ලක්වන අවස්ථාවකට ශ්රී ලංකාව නියෝජනය කිරීමට ලැබීම ගැන Ceylon Curry Club ආයතනය ආඩම්බර වේ.