ලොව ප්‍රධානතම ආර්ථිකයන් අතරින් සීඝ්රයෙන් ම වර්ධනය වන ආර්ථිකය තමන් වන බව ඉන්දියාව පවසයි.
පසුගිය වසරේ අවසාන කාර්තුවේ දී එරට ආර්ථිකය 8.4% කින් වර්ධනය වී තිබේ.
මේ වසරේ දී ඉන්දීය මහ මැතිවරණයද පැවැත්වෙන බැවින් මෙම ආර්ථික වර්ධනය ඉන්දීය අගමැතිට වාසි සහගත අතට හැරෙනු ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
දත්ත වාර්තා පෙන්වා දෙන්නේ නුදුරේදීම ජපානය හා ජර්මනිය අභිබවා ඉන්දියාව ලොව තෙවැනි විශාලතම ආර්ථිකය වනු ඇති බවයි.