– දිලිත් ජයවීර පොළොන්නරුවේදී කියයි
ගමේ නරකම මනුස්සයෙක් ගැන, අසාර්ථකම මනුස්සයෙක් ගැන කතා කරන කොට කතාවට කියනවා මේ කිරි හරකත් විකුණා ගත් එකෙක් කියලා. අන්න ඒ දේ අද අපේ රටට වෙමින් පවතිනවා. කවදාහරි දවසක ඉතිහාසයේ ලියවෙන්නේ මේක නන්නත්තාර රටක් කියලා. නමුත් අපිට ඒක වෙන්න ඉඩ තියන්න බැහැ. මේ කාලයක් තිස්සේ දේශීය සම්පත් සුරකින්නට ඕන කියපු බලවේගයෙන් අද කොහොමද අපේ කිරි සම්පත විකුණන්නේ කියලා සාකච්ඡා කරනවා. මේ දේශපාලන දෙබිඩි පිළිවෙත කුමක්ද කියා අපි ඔවුන්ගෙන් ප්‍රශ්න කරනවා. මේ සඳහා විව්නිවිද භාවයකින් යුතු ප්රසංපාදනයක් ඇතුව කටයුතු කරොත් අපෙන් කිසිම බාධාවක් නැහැ. නමුත් මේ රටේ පෝෂණයේ සංකේතයක් වන කිරි හරකත් විකුණන තැනට පත් වෙලා නම් අපි එතනින් ගොඩ එන්න වැඩ පිළිවෙලක් අවශ්‍යයි. අන්න ඒ නිශ්චිත වැඩපිළිවෙල ඔබේ ජීවිතය වෙනස් කරන නිශ්චිත දින වකවානු සහිතව අපි ඉදිරිපත් කරන්න සුදානම්. යැයි මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා එම පක්ෂයේ පොළොන්නරුව දිස්ත්‍රික් සමුළුව අමතමින් පැවසිය.
එම නිසා කිරි හරකාත් විකුණන් කන ජාතියක් නොවී නව ව්‍යවසායකත්ව රාජ්‍යයක් බිහි කිරීම සඳහා මව්බිම ජනතා පක්ෂය වටා එකතු වන්නැයි මෙරට තරුණ ප්‍රජාවටත් සියලු ජනතාවටත් විවෘත ආරාධනයක් කරන බවද ඔහු සදහන් කළේය. සතුටු දැයක් නිර්මාණය කිරීම සඳහා ව්‍යවසායකත්ව රාජ්‍යක් ගොඩ නැගීමේ අරමුණින් මේ වන විට එම පක්ෂය රට පුරා දිස්ත්‍රික් සමුළු රාශියක් පවත්වමින් සිය දේශපාලන, ආර්ථික, සමාජ සංස්කෘතික, දැක්ම පිළිබඳව ජනතාව දැනුවත් කරමින් සිටි.
මෙම සමුළුව සඳහා පක්ෂයේ සභාපති ආචාර්ය සරත් අමුණුගම මහතා සහ පක්ෂයේ ඉහල පෙළේ නිලධාරීන්, තරුණ ව්‍යවසායකයින් ඇතුළු පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ව්‍යවසායක ප්‍රජාව, සමාජ ක්‍රියාකාරීන් සහ විශාල ගොවි ජනතාවක් සහභාගී වී සිටියහ.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ පක්ෂ නායක දිලිත් ජයවීර මහතා,
“මම මගේ අවුරුදු 30ක වක්‍ර දේශපාලන භාවිතයේ දී විවිධ නායකයින්ට උදව් කරලා තියෙනවා. මම ජ.වි.පෙ. පංති 5ට ගියේ ඉස්කෝලේ අටේ පංතියේ ඉද්දී. ඊළගට ඉස්කෝලේ 11 පංතියේ දීත් ගියා. මම ඒ පක්ෂය එක්ක ළඟින් වැඩ කළා. ඔවුන්ගේ ජයග්‍රහණ සඳහා කැප වුණා. 2004දී ඔවුන් ආසන 42ක් ගන්න මම ඔවුන් සමග සමීපව වැඩ කළා. ඔව්නුගේ දහසක් මහ වැව් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන කාලේ ඒ ව්‍යාපෘතිය එළි දක්වන්න නිර් මාණශීලීව ඉතා වගකීමෙන් යුක්තව කැප වුණා. පොලොන්නරුව දිස්ත්‍රික්කය කියන්නේ කෘෂිකර්මාන්තයේ පෙරගමන්කරුවන් වන දිස්ත්‍රික්කයක්.විශේෂයෙන් ම මේ රටට බත සපයන දිස්ත්‍රික්කය ඔබේ දිස්ත්‍රික්කය. ඔවුන්ගේ ශ්රමයට වටිනාකමක් ලැබෙන්න නම් මේක නිවැරදි වෙන්න ඕන. ඒ සඳහා ජාතික වැඩපිලිවෙලක් අවශ්‍යයි. එහි ඇණ මුරිච්චි තද කරන්න බෑ. නිශ්චිත වැඩපිළිවෙලක් අවශ්‍යයි. සෘණාත්මක දේවල්වලින් ජාතියක් ගොඩනගන්න බෑ. ධනාත්මකව හිතන රට ගොඩනගන්න පුළුවන් ජනතාවක් බිහි කරන්න සියලු ජාතීන් එක්ව වැඩකරන කිසිදු භේදයකින් තොරව ක්‍රියා කරන පිරිසක් වෙන්න ඕන. අනාගතයේ ඉපදෙන්න ඉන්න දරුවාගේ අනාගතය පවා සහතික කරන අපි ගෙනෙන වැඩපිළිවෙලට ඇතුළත්. කෘෂිකර්මාන්තයට අදාළව කොහොමද ගොවියා ගොඩ ගන්නේ කියලා අපි පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. ආර් ථික සක්‍යතාව වැඩි කරන්නේ කොහොමද ඒ සඳහා නවෝත්පාදන ක්‍රමවේදයන් භාවිත කරන්නේ කොහොමද කියලා ඇතුළත්. අපට අවශ්‍ය මේ නව ව්‍යවසායකත්ව ප්‍රජාවේ ආර්ථිකය රුපියල් 40000කින් පමණ වැඩි වන දෛනික වැඩපිළිවෙලක් සහිත ආණ්ඩුවක් හදන්න.අපි හැමදාම පැවතුණු ආණ්ඩු එක්ක පාළනය එක්ක කටයුතු කළේ පන්නමු කියන අදහසින්. නමුත් අපි එහෙම පන්නලා ගෙන එන ආණ්ඩුවෙන් මොකද්ද වෙන්නේ කියන එක ගැන හිතන්න පටන් ගමු. මේ දවස්වල දේශපාලන වේදිකාවේ කියවෙන හොරු අල්ලමු කියන ප්‍රකාශය පට්ට පල් බොරුවක්. හැබැයි මේ හොරු අල්ලන කතාව මගින් අහිංසක මිනිසුන්ගේ ඡන්දය කඩා ගන්නට ඉඩ දෙන්න බෑ. අපි සාකච්ඡා කරමු මේ ශ්‍රී ලාංකික තාරුණ්‍යය අභිප්‍රේරණය කරන්නේ කොහොමද කියලා.ශ්‍රී ලාංකීය කාන්තාවන්ගේ මාතෲත්වයට ගෞරව කරන විශිශ්ඨතම ව්යවසායකයින්වන මව පවුල් සංස්තාව ආරක්ෂා කරගෙන ඉදිරියට යන මව ආරක්ෂා කර ගන්නේ කොහොමද කියලා අපි සාකච්ඡා කරමු.කොහොමද ඒ මවගේ ආදරය අපේ රටේ ජනතාවගේ සතුටට දායක වෙන්නේ කියලා සාකච්ඡා කරමු.අපි කතා කරමු අපේ උපායමාර් ගික වැඩපිළිවෙල කුමක් ද ඔබේ උපායමාර් ගික වැඩපිළිවෙල මොකද්ද කියලා. මේ රටේ සියලු සම්පත් විකුණමින් පවතින මොහොතක අපි ඔක්කොම එකතු වෙලා මේ රට රැක ගමු.
මව්බිම ජනතා පක්ෂයේ සභාපති හිටපු ඇමති ආචාර්ය සරත් අමුණුගම
මේ පැවැත්වෙන්නේ අපේ 8 වෙනි රැස්වීමයි.පොලොන්නරුව කියන්නේ ජයග්‍රාහී ජනතාවක් සිටින නිර්මාණශීලීත්වයෙන් ඉහළ ජනතාවක් සිටින දිස්ත්‍රික්කයයි.මුළු ආසියාවටම මුළු ලෝකයටම ආදර් ශ දුන් ශිෂ්ටාචාරයක් හිමි දිස්ත්‍රික්කයක්.තව අවුදුරු 2ක් යන විට මේ පොලොන්නරුව සම්පූර් ණයෙන් ම වෙනස් වෙනවා.මේ දිනවල පොලොන්නරුවේ සිදු කෙරෙන පුරාවිද්‍යාත්මක ගවේශනත් දිඹුලාගල ආශ්රිත කතාත් අපේ ලංකා ඉතිහාසය වෙනස් කරන ඒවා.අපට නිදහස ලැබිලා අවුරුදු 76යි.නිදහස් ලැබෙනකොට මේ රටේ ජනගහනය ලක්ෂ 74යි.දැන් ලක්ෂ 220යි.අපේ කාන්තාවන් 52%ක් ජීවත් වෙනවා.අපිට ඒක ආඩම්බරයක්.අපේ දරුවන්ට අඩුපාඩුවක් දැනුනාම මුලින් ම දැනෙන්නේ ගෙදර අම්මාට.අම්මලා අපේ දරුවන්ට අඩුවක් වෙන්න තියන්නේ නෑ.හොද රටක් හදන්න දරුවන්ට හොද හෙටක් හදන්න තමයි හැම අම්මාම හිතන්නේ.අපේ අපේක්ෂාවත් ඒකයි.රටේ සියලු පක්ෂ සමග එක්ව කාටත් සාධාරණව ජීවත් වෙන්න පුළුවන් රටක් නිර් මාණය කිරීම අපේ අරමුණ.අපේ ආර් ථිකයේ සුළු කොටසක් බවට කෘෂිකර්මාන්තය පත් වෙමින් තිබෙනවා.30%ක් තමන්ගේ ජන ජීවිතය ඉහළට ඔසවා තබා ගත්තේ කෘෂි කර්මාන්තයෙන්.අපි අපේ උපාය මාර් ගික සැලැස්මට 5 වැදෑරුම් උපාය මාර් ග ඇති කරලා තියෙනවා කොහොමද කෘෂි කර් මාන්තය දියුණු කරන්නේ කියලා.ජල කළමනාකරණය එහි ප්‍රධාන තැනක් ගන්නවා.ඒ වගේම අස්වනු ඉහළ නංවා ගන්න නවීන තාක්ෂණය යොදා ගන්න ඕන.ජපානය අක්කරයට බුසල් 120ක් ලබනවා ඉන්දුනීසියාව අක්කරයට බුසල් 90ක් ලබනවා.තුන්වැනි කාරණය තමයි අස්වැන්නට සාධාරණ මිලක් නියම වන යාන්ත්‍රණයක් හදන එක.ඒ සඳහා ගොවියාගේ අස්වැන්නට වටිනාකමක් දෙන්න ඕන.හතරවනුව පර් යේෂන කරන්න ඕන බතලගොඩ වේවා,මහ ඉලුප්පල්ලම වේවා අපි අපේ නිෂ්පාදන සඳහා නවීන පර් යේෂණ වැඩි දියුණු කරන්න ඕන.පස්වනුව අපි කෘෂි කර් මාන්තයට සේවා සපයන සැමා අංශයක් ම සම්බන්ධීකරණය වන විශේෂ යාන්ත්‍රණයක් ගොඩනගන එක.ඒ සඳහා අපට අපේ පක්ෂයට ශක්තිය තියෙනවා.අපේ මව්බිම පක්ෂය වටා එක් වන්න කියා අපි ඔබ සියලු දෙනාටම ආරාධනා කරනවා.