කථානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවකට අත්සන් එකතු කිරීම සජබය විසින් ඊයේ(26) දිනයේ දී ආරම්භ කළහ.
මේ සඳහා සහාය දැක්වීමට ඊයේ රැස්වූ උත්තර ලංකා සභාගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම තීරණය කළ බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල සඳහන් කළේය.
මාර්ගගත සුරක්ෂිතතා පිළිබඳ පනත සම්මත කිරීමේදී කථානායකවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර ඇති බවට චෝදනා කරමින් විපක්ෂය මේ විශ්වාසභංගය ගෙන එයි.