වයස අවුරුදු 14ක පාසල් සිසුවෙකු තම ආච්චි අම්මාගේ මෙට්ටය යට සඟවා තිබූ ලක්ෂ 14ක මුදලක් සොරකම් කිරීම නිසා දොඩංගොඩ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
දොඩංගොඩ පැපිලියවල ප්‍රදේශයේ පදිංචි මෙම සිසුවා දොඩංගොඩ මිනුවන්දෙණිය ප්‍රදේශයේ පදිංචි රබර් කිරි ව්‍යාපාරයක නියුතු කාන්තාවක් විසින් කරන ලද පැමිණිල්ලකට සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.
අදාළ කාන්තාව පසුගිය 1 වනදා නිවස දොරගුළු දමා රබර් කිරි කර්මාන්තයට පිටව ගොස් ඇති අතර ඇය නැවත නිවසට පැමිණෙන විට එහි එක් දොර පියනක් විවර කොට තිබීම පිළිබඳව සැක සිතී තමාගේ මෙට්ට්ය යට සඟවා තිබුණු ලක්ෂ 14 මුදල පිළිබද සොයා බලා තිබේ. එලෙස සොයා බැලීමේ දී එම මුදල අස්ථාන ගත වීම නිසා ඇය පොලීසියට පැමිණිලි කර තිබේ.
පසුව පොලීසිය සිදුකළ විමර්ශන වලින් පසුව සැකකාර සිසුවා පොලිස් අත්අඩංගුවට ගත් අතර ඔහු විසින් සොරකම් කළ ලක්ෂ 14ක මුදලද ඔහුගේ ඥාති නිවසක කෙසෙල් පදුරක් අසල වල දමා තිබියදී සොයාගෙන තිබේ.
සැකකාර සිසුවා මතුගම මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.