ශ්රී ලංකාව හා ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වෙන ක්රිකට් තරගාවලිය අරඹමින් එහි පළමු හා එකම ටෙස්ට් තරගය මීට ටික වේලාවකට පෙර SSC පිටියේදී ආරම්හ විය.
තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්රී ලංකා නායක ධනංජය ද සිල්වා ප්රථමයෙන් පන්දු යැවීමට තීරණය කල අතර ඇෆ්ගන් ඉනිමේ ප්රථම කඩුල්ල පළමු පන්දුවාරයේ දීම ලබා ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් විය.
මෙම ටෙස්ට් තරගය ඓතිහාසිය තරගයක් වන්නේ ඇෆ්ගනිස්ථානය ශ්රී ලංකාව හා ටෙස්ට් තරගාවලියකට එක්වන පළමු අවස්ථාව මෙය වීම නිසාය.
එසේම දිමුත් කරුණාරත්නගෙන් පසුව නායකත්වයට පත්වූ ධනංජය ද සිල්වා ශ්රී ලංකාවේ 18 වන ටෙස්ට් නායකයා ලෙස ඉතිහාස ගත විය.