ශ්රි ලංකාවේ 76 වන නිදහස් දිනය සමරන පෙබරවාරි 4 වන දින දිවයින පුරා සියලුම සුරා සැල් වසා දැමීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කොට තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ පෙබරවාරි 3 සුරාසැල් වැසියයුතු වේලාවේ සිට ලබන පෙබරවාරි 5 වන සඳුදා සුරාසැල් විවෘත කිරීමට දී ඇති වේලාව දිවයින පුරා සියලුම සුරාසැල් වසා තැබිය යුතු බවයි.